ඔබේ දුරකථනයේ හෝ පරිගණකයේ මෙය වාදනය කිරීමට අදාළ මෘදුකාංග නැත

ඉන්දියාව නිදහස් දිනය සමරයි

මුම්බායි නාවුක තටාකාංගනයෙදී ඊයේ පුපුරා ගිලාබත් වූ සබ්මැරීනයේ සිට මිය ගිය බවට සැක කෙරෙන නැවියන් හට ඉන්දීය අග්‍රාමාත්‍ය මන්මෝහන් සිං ප්‍රශංසාව පල කොට තිබේ.

ඉන්දීය අගමැති වරයා සිය ප්‍රකාශය කළේ ඉන්දියාවේ හැට හත් වෙනි නිදහස් දින සමරුව අමතමින්.

මේ අතර කාශ්මීර දේශ සීමාවේදී ඉන්දීය භටයන් පස් දෙනකු ඉකුත් සතියේ මරා දැමීම සම්බන්ධයෙන් පකිස්තානයට විරෝධය පාමින් පන්ජාබයේ අම්රිත්සාර් නගරයේ උද්ඝෝෂණයක් පැවැත්විණ.

පාලක ඉන්දීය කොන්ග්‍රසයේ තරුණ සංවිධානය විසින් මෙහෙයවන ලද විරෝධතාව නිසා මඳ වේලාවකට මාර්ගයේ ගමනාගමනයට අවහිර පැමිනි බව වාර්තා විය.