ඔබේ දුරකථනයේ හෝ පරිගණකයේ මෙය වාදනය කිරීමට අදාළ මෘදුකාංග නැත

නවී පිල්ලේට එරෙහිව කොළඹ විරෝධතා (වීඩියෝව)

ශ්‍රී ලංකාවේ සතියක සංචාරයක නිරතවී සිටින මානව හිමිකම් පිලිබඳ එක්සත් ජාතීන්ගේ මහ කොමසාරිස්වරියට විරෝධය පා බෞද්ධ භික්ෂුන් වහන්සේ ප්‍රමුඛ පිරිසක් සඳුදා කොළඹදී විරෝධතාවයක යෙදුනහ.

විරෝධතා කරුවන්ට නායකත්වය දෙන 'රාවණා බලය' සංවිධානයේ ඉත්තෑකන්දේ සද්ධාතිස්ස හිමියන් එහිදී ප්‍රකාශ කළේ නවනීදන් පිල්ලේ මහ කොමසාරිස්වරියට ආරාධනා කළ අය මෙන්ම ශ්‍රී ලංකාවේදී ඇය මුණ ගැසෙන අයද එයින් සිදුවන 'අපරාධයට' වගකිව යුතු බවයි.

“යුද්ධ කරන කොට දෙපැත්තේම මැරෙනවා, මොනවද කරන්නේ ඉතින්?” මාධ්‍ය වේදීන් හමුවේ උන්වහන්සේ තවදුරටත් විමසූහ.

රජයේ ආරාධනයෙන් පැමිණ සිටින මහ කොමසාරිස් නවී පිල්ලේ ශ්‍රී ලංකාවට ගොඩ බට ඉරිදා මාධ්‍යවේදීන්ට ප්‍රකාශ කළේ රට විවේචනයට නොව පිළිගත් ජාත්‍යන්තර සම්මුතීන්ට අනුව මානව හිමිකම් රැකෙන්නේ දැයි විමසා බලා වාර්තා කිරීම තම සංචාරයේ අරමුණ බවයි.