ඔබේ දුරකථනයේ හෝ පරිගණකයේ මෙය වාදනය කිරීමට අදාළ මෘදුකාංග නැත

එල්ටීටීඊ අපරාධ ගැනත් සොයන්න -නවී පිල්ලේ ගෙන් ඉල්ලයි

  • 2013 අගෝස්තු 30

යුධ අපරාධ සම්බන්ධයෙන් ආණ්ඩුවේ ආරක්ෂක හමුදාවලට එල්ල වී තිබෙන චෝදනා පිළිබඳව පමණක් නොව කොටි සංවිධානයේ අපරාධ පිළිබඳව ද පරීක්ෂණ පවත්වන මෙන් උද්ඝෝෂකයෝ පිරිසක් නවී පිල්ලේ ගෙන් ඉල්ලා සිටියහ.

'යුද්ධයෙන් මියගිය සහ අතුරුදහන්වූ රණවිරුවන්ගේ මාපිය දූදරු සංගමය' විසිනුයි, කොළඹ පැවති උද්ඝෝෂණය සංවිධානය කොට තිබුණේ.

නවී පිල්ලේ මහ කොමසාරිස්වරිය එල්ටීටීඊ යේ අපරාධ පිළිබඳව පරීක්ෂණ පැවැත්වීම අමතක කොට දමා ඇතැයි සංගමයේ කැඳවුම්කරු ආනන්ද ජයමාන්න පැවසීය.

අරන්තලාව භික්ෂු ඝාතනය, දළදා මාලිගාවට එල්ල කළ ප්‍රහාරය ඇතුළු කොටි සංවිධානය සිදු කළ අපරාධ පිළිබඳවද පරීක්ෂණ පවත්වන මෙන් ඔවුහු ඉල්ලා සිටියහ.

විශේෂයෙන්ම එම අපරාධ සම්බන්ධයෙන් දැනට ජීවතුන් අතර සිටින එල්ටීටීඊ නායකයන්ට දඬුවම් ලබා දිය යුතු බව උද්ඝෝෂකයන්ගේ ඉල්ලීමයි.