ඔබේ දුරකථනයේ හෝ පරිගණකයේ මෙය වාදනය කිරීමට අදාළ මෘදුකාංග නැත

උපන් බිමට නුඹ වැඩිවා මිසක දුවේ

දුවක නොව පුතකුට ලොල් කිරීම නිසා අලුත උපන් මාස එක හමාරක් වයසැති සිය බිලිඳු දියණිය මරා දැමූ පාකිස්තාන් ජාතිකයෙක්, ඔහු විසින් සිදු කරන ලද අපරාධය සම්බන්ධයෙන් දැන් කණගාටුවට පත් වෙමින් සිටින බවයි පාකිස්තානයෙන් වාර්තා වන්නේ.

සිය සිඟිති දියණිය දියේ ගිල්වා මරා දැමූ බව එම පුද්ගලයා විසින් පිළිගනු ලැබ ඇත.

ගැහැණු දරුවන් ප්‍රතික්ෂේප කරනු ලැබීමේ දකුණු ආසියානු සමාජ ප්‍රශ්නය ඉහත කී බිලිඳු ඝාතනයත් සමඟ යළිත් සාකච්ඡාවට ලක් වෙමින් ඇති මාතෘකාවක් බවට පත්වීමට ද හේතු වී ඇත.

ලාහෝර් නගරයේ සිට ඉහත කී සිද්ධිය බීබීසියට වාර්තා කරන අලීම් මක්බූල් පවසන්නේ, ලිංගිකත්වය නිසා එවැනි ළමා ඝාතන සිදු කෙරෙන බවයි.