ඔබේ දුරකථනයේ හෝ පරිගණකයේ මෙය වාදනය කිරීමට අදාළ මෘදුකාංග නැත

ගැබ තුළ කොකේන් කිලෝ දෙකක්

  • 2013 සැප්තැම්බර් 12

ගර්භනී කාන්තාවක් ලෙස පෙනී සිටිමින් කොකේන් ප්‍රවාහනය කිරීමට තැත් කළ කැනේඩියානු කාන්තාවක් කොලොම්බියාවේ බොගෝටා ගුවන් තොටුපොළේදී අත්අඩංගුවට ගෙන ඇත.

ඇගේ කුස මත බැඳ තිබූ කෘතීම ගැබක කොකේන් සඟවා තිබූ අතර එය ඉතා සුක්ෂම ලෙස දරු ගැබක් ලෙස පෙනෙන අන්දමට සකස් කර තිබිණ.

මත්ද්‍රව්‍ය නාශක අංශයේ නිලධාරිනියක විසින් එම කාන්තාව ගුවන් තොටුපලේ දී පරීක්ෂා කළ අවස්ථාවේ ඇගේ කුස ප්‍රදේශය අසාමාන්‍ය ලෙස සීතල සහ ඝන වී තිබීම නිසා සැක පහළ වූ බවයි වාර්තා වන්නේ.

රබර් වලින් නිපද වූ ව්‍යාජ ගැබෙහි කොකේන් කිලෝ දෙකක් සඟවා තිබූ අතර එම පැස ඇගේ ඉඟට සවි කොට තිබුණි.

මත්ද්‍රව්‍ය ප්‍රවාහනය කිරීමට උත්සාහ කළ පුද්ගලයන් එකසිය පනහක් පමණ මේ වසර තුළ බොගෝටා ගුවන් තොටුපලේදී අත් අඩංගුවට ගත් බවයි කොලොම්බියානු බලධාරීන් ප්‍රකාශ කලේ.