ඔබේ දුරකථනයේ හෝ පරිගණකයේ මෙය වාදනය කිරීමට අදාළ මෘදුකාංග නැත

'මිස් ඇමෙරිකා' ඉන්දියානු රූපරාජිනියට අපහාස රැල්ලක්

“මිස් ඇමරිකා “ ලෙස කිරුළු පැලඳීමට වාසනාව ලත් ප්‍රථම ඉන්දියානු සම්භවයක් ඇති තරුණිය වූ 24 හැවිරිදි නිනා දවුලුරි මෙනෙවිය දරුණු ලෙස වර්ණභේදවාදී සහ ජාතිවාදී නින්දා අපහාසයෙන් ට ලක් වී ඇති බව වාර්තා වෙනවා.

ඊසාන දිග ඉන්දියාවේ උපන් නිනා නිව් යෝර්ක් හි වෙසෙන අතර වෛද්‍යවරියක් වීමේ බලාපොරොත්තුවෙන් පසු වෙනවා.

twitter වැනි සමාජ වෙබ් අඩවි යොදා ගනිමින් ඇයට පහර ගසන ඇතමුන් ප්‍රශ්න කර තිබුණේ ඇමරිකානු ජාතික නොවන විදේශික වූ ඇය “මිස් ඇමරිකා “ වුයේ කෙලෙස ද යන්නයි.

මේ අතර, ඇතැමුන් ඇය අරාබි ජාතික යයි හඳුන්වා දෙමින් දැඩි ලෙස අපහාසයට ලක් කර තිබුණා. එවැනි එක් twitter අදහසකට අනුව අරාබි ජාතික ඇය “මිස් ඇමරිකා “වීම පිළිබඳ තමන් පිස්සු වැටී ඇති බවයි.