ඔබේ දුරකථනයේ හෝ පරිගණකයේ මෙය වාදනය කිරීමට අදාළ මෘදුකාංග නැත

බංග්ලාදේශය යළි නොසංසුන්

බංග්ලා දේශයේ, ජමායිත් -ඉ -ඉස්ලාමි (Jamaat-e-Islami) පක්ෂයේ නායකයකු වන අබ්දුල් කාදර් මොල්ලාහ් (Abdul Quader Mollah) මරණීය දණ්ඩනයට යටත් කිරීමේ තීන්දුවට එරෙහිව නගර රැසක විරෝධතා ව්‍යාපාර පෙරට යමින් පවතී.

ජමයිත් -ඉ-ඉස්ලාමි, බංග්ලා දේශයේ බලවත් ම ඉස්ලාමීය පක්ෂයයි.

දකුණු බංගලාදේශයේ “නොආඛාලි” ප්‍රදේශයේ විරෝධතාවාදීන් ගල්මුල් වලින් පහර දීමෙන් එක් පුද්ගලයෙකු මරා දමා ඇති බව පොලිසිය පවසයි.

මේ අතර නිරිත දිග බංග්ලාදේශයේ“ෂත්ඛිරා” දිස්ත්‍රික්කයෙන් ද පොලිසිය හා කලහකාරී පිරිස් අතර ගැටුම් වාර්තාවෙයි.

රබර් උණ්ඩ හා කඳුළු ගෑස් යොදා ගනිමින් පොලිසිය ගැටුම් මැඩලීමට උත්සහ කළ අවස්ථාවේ සිය ගණනක් වූ විරෝධතාවාදීන් පෙට්රල් බෝම්බ වලින් පොලිසියට පහර දෙමින් රථවාහන වලට අලභහානි කළ බවයි, බංග්ලාදේශයෙන් ලැබෙන වාර්තා මගින් පැවසෙන්නේ.

1971 බංග්ලාදේශ් නිදහස් සටන සමයෙහි අබ්දුල් කාදර් මොල්ලාහ් විසින් සිදු කරන ලදැයි පැවසෙන වැරදි සඳහා ඔහුට ජීවිතාන්තය තෙක් සිර දඬුවමක් නියම කොට තිබුන අතර, ඊට එරෙහි අභියාචනයේදීයි, එම තීන්දුව වෙනස් කොට ඔහුට මරණීය දණ්ඩනය නියම කෙරුණේ.