ඔබේ දුරකථනයේ හෝ පරිගණකයේ මෙය වාදනය කිරීමට අදාළ මෘදුකාංග නැත

උතුරු පළාත් සභා තැපැල් ජන්ද වලින් තමිල් අරසු කච්චි පෙරට

  • 2013 සැප්තැම්බර් 21

අද පැවති පළාත් සභා ජන්දයේදී මුලතිවු, කිලිනොච්චි සහ යාපනය තැපැල් ජන්ද මැතිවරණ ප්‍රථිපල අනුව ඉලංගෙයි තමිල් අරසු කච්චි පක්ෂයට සියයට අසුවක් පමණ ලැබී ඇත.

එක්සත් ජනතා නිදහස් සන්ධානයට ලබා ගත හැකිවී ඇත්තේ සියයට අටකි.

එක්සත් ජාතික පක්ෂයට ලැබී ඇත්තේ ඉතාමත්ම සුළු ජන්ද සංඛ්‍යාවකි.

වවුනියාව දිස්ත්‍රික්කයේ තැපැල් ජන්ද වලින් ඉලංගෙයි තමිල් අරසු කච්චි පක්ෂය සියයට හැට හයක් ද, එක්සත් ජනතා නිදහස් සන්ධානය සියයට විසි හතරක් ද, එක්සත් ජාතික පක්ෂය සියයට හතරක් ද ලබා සිටී.

අද පැවති පළාත් සභා ඡන්දයේ දී සියයට හතළිහත් හැටත් අතර පිරිසක් ඡන්දය ප්‍රකාශ කර ඇතැයි වාර්තාකරුවෝ කියා සිටිති.

මෙම මැතිවරණය ශ්‍රී ලංකාවේ දමිළ ජනතාව වැඩි හඬක් නැගීමට ඉඩ ලබා දෙනු ඇතැයි තමන් බලාපොරොත්තු වන බව ඡන්දය ප්‍රකාශ කිරීමට පැමිණි සිටි යාපන ජනතාව බීබීසී යට පැවසූහ.

මෑත භාගයේදී ශ්‍රී ලංකාවේ දෙමළ ජනතාවගේ අනන්‍යතාව සෝදාපාළුවට ලක් වී ඇතැයි කියා සිටි විශ්‍රාමික දමිළ පොලිස් නිලධාරියෙක් ඉතා ශක්තිමත් පළාත් සභාවක් උතුරු පළාතට අවශ්‍ය වී ඇති බවයි අවධාරණය කළේ.

ඡන්දදායකයන්ට අඩත්තේට්ටම් කිරීම ඇතුළු සුළු සිදුවීම් කිහිපයක් හැරුණ කොට මැතිවරණය සාමකාමීව පැවති බවයි වාර්තාකරුවන් කියා සිටියේ.

දශක තුනක් පුරා පැවති යුධයෙන් පසු පළමු වරට උතුරු පළාත් සභාව සඳහා නියෝජිතයින් තෝරා පත් කර ගැනීමට එම පළාතේ බහුතර දමිළ ජනතාව ලද පළමු අවස්ථාව මෙයයි.