ඔබේ දුරකථනයේ හෝ පරිගණකයේ මෙය වාදනය කිරීමට අදාළ මෘදුකාංග නැත

ප්‍රංශය වසඟ කරගත් ඇමරිකානු මෙහෙකාර දැරියක්

  • 2013 සැප්තැම්බර් 22

ජෝසෆින් බේකර් ගේ මෙහෙකාර ළමා විය අතෝරක් නැති අඩන්තේට්ටම් වලට පාත්‍ර වුණා. ස්වාමි දුව ඇගේ දෑත පිළිස්සීමෙන් පසු කටුක මෙහෙකාර දිවියට සමු දුන් ජෝසෆින්ට හිමි වුනේ වීදිය.

කසල බක්කියෙන් කුස රවටා ගෙන වීදි කොනේ තනිව නටන කුඩා ජෝසෆින් නර්තන කණ්ඩායමක ඇස ගැටුණේ දෛවෝපගත ලෙසින්.

දොළොස් වියේදී වේදිකාවට බට ජෝසෆින් නිව්යෝර්ක් නුවර රසිකයන් පිනවමින් සිටියදී ප්‍රංශයෙන් ලද ආරාධනය ඇගේ මුළු දිවියම වෙනස් කළා.

ඇමරිකාවේදී මෙහෙකාර දැරියක්. ප්‍රංශයේදී මුළු රටම වසඟ කරගත් යෞවනියක්.

ප්‍රංශයේ කළු මුතු ඇටය ලෙසින් විරුදාවලිය ලත් මේ තාරකාව එරට කළා විචාරකයන්ට ප්‍රංශයේ වීනස් දෙව්දුව වුණා.