ඔබේ දුරකථනයේ හෝ පරිගණකයේ මෙය වාදනය කිරීමට අදාළ මෘදුකාංග නැත

ඉන්දීය කාශ්මීරයට වෙඩි ප්‍රහාරයක්

ඉන්දීය පාලිත කාශ්මීරයේ කැරලිකරුවන් සහ ආරක්ෂක හමුදා අතර ඇතිවූ වෙඩි හුවමාරුවකින් යටත් පිරිසෙයින් දස දෙනකු වත් මරණයට පත් වී ඇති බව වාර්තා විය.

හමුදා ඇඳුමින් සැරසුණු කැරලිකරුවන් පොලිස් ස්ථානයකට වෙඩි තැබීමෙන් අනතුරුව ඊට නුදුරින් පිහිටි හමුදා කඳවුරකට ද පහර දුන් බවයි ඉන්දීය බලධාරීන් පවසන්නේ.

ප්‍රහාරය එල්ල කළ පිරිස පකිස්තානයේ සිට පැමිණියේ ද යන්න පිළිබඳ ව සොයා බැලීමට පරීක්ෂණයක් ආරම්භ කර ඇති බවයි ප්‍රාදේශීය පොලිස් ප්‍රධානී රාජේශ් කුමාර් කියා සිටියේ.

ඉන්දීය අගමැතිවරයා මෙම ප්‍රහාරය හැඳින්වූයේ ම්ලේච්ඡ ක්‍රියාවක් ලෙසින්.

එක්සත් ජාතීන් ගේ මහ සමුළුවට ගොස් සිටින ඉන්දීය සහ පකිස්තානු නායකයන් තව දින තුනකින් මුහුණට මුහුණ හමු වී සාකච්ඡා පැවැත්වීමට නියමිතයි.