ඔබේ දුරකථනයේ හෝ පරිගණකයේ මෙය වාදනය කිරීමට අදාළ මෘදුකාංග නැත

ගුද මාර්ගයේ රත්‍රන් සඟවන්නේ ‘දුප්පත්කම නිසා’

  • 2013 සැප්තැම්බර් 27

ශ්‍රී ලාංකිකයන් සහ ඉන්දියානුවන් ගුද මාර්ගයේ රත්‍රන් සඟවා ගෙන රටින් පිට කිරීමට උත්සාහ කරන්නේ දරිද්‍රතාවය හේතුවෙන් බව බලධාරීහු පවසති.

එසේ නීති විරෝධී ලෙසින් සඟවාගෙන ශ්‍රී ලංකාවෙන් පිට කිරීමේ ප්‍රයත්නයන් අටක් මේ මාසය තුල දී පමණක් වාර්තා වූ බවද රේගු ප්‍රකාශක ලෙස්ලි ගාමිණී බීබීසී සංදේශයට පැවසීය.

මේ බොහෝ දෙනාගේ ගමනාන්තය ඉන්දියාවේ චෙන්නායි හෝ මුම්බායි නගර බව පවසන ඔහු, ඒ සියලුම සැකකරුවන් රහසිගතව රත්‍රන් ප්‍රවාහනය කිරීම පිණිස යොදා ගත්තේ රාත්‍රී කාලය බවද සඳහන් කළේය.

ගුද මාර්ගයේ රත්රන් සඟවාගෙන යාම ඉතාමත් වේදනාකාරී ක්‍රියාවක් බව සැකකරුවන් තමන්ට සඳහන් කළ බවත් රේගු ප්‍රකාශකයා කියා සිටියේය.

“අපේ නිලධාරීන් පැවසූ ආකාරයට මේවා ඉවතට ගන්න කොට සමහර පුද්ගලයන්ගේ රුධිරයත් වහනය වෙනවා. ඉන් පසු මේ ගොල්ල හරිම වේදනාවෙන් තමයි ඉන්නේ,” යනුවෙන් ද ඔහු පැවසීය.