ඔබේ දුරකථනයේ හෝ පරිගණකයේ මෙය වාදනය කිරීමට අදාළ මෘදුකාංග නැත

බොලිවුඩ් වෙතින් 'සුපර් හීරෝ' චිත්‍රපටයක්

සම්ප්‍රදායික බොලිවුඩ් ශෛලියෙන් වෙනස් වූ නවතම බොලිවුඩ් චිත්‍රපටයක් අද ලොවපුරා සිනමා ලෝලීන්ගේ ආකර්ෂණය දිනාගනිමින් තිබේ.

ඒ ඉන්දීය සිනමාවේ පමණක් නොව ලෝක සිනමාවේ සුපිරි තරුවක් වන හ්රිතික් රොෂාන් ගේ නවතම චිත්‍රපටය 'ක්‍රිෂ්'.

බැලු බැල්මටම හොලිවුඩ් හි නිෂ්පාදිත දැවැන්ත නිර්මාණ වු 'අයන් මෑන් ත්‍රී' හෝ 'ස්පයිඩර් මැන්' වැනි විද්‍යා ප්‍රබන්ධ නිර්මාණයක ලක්ෂණ පෙන්නුම් කරන මෙය ලෝකයේ පළමු වැනි අධි වියදම් 'වී. එෆ්.එක්ස් සංගීතමය සුපර් හීරෝ චිත්‍රපටය' ලෙසයි රොෂාන් හඳුන්වන්නේ.

පසුගිය ජුලි මාසයේ මොලයේ සැත්කම කට ලක්වීමෙන් පසු රොෂාන් යලි කල එළි බසින්නේ මේ දැවැන්ත නිර්මාණයත් සමගයි.