ඔබේ දුරකථනයේ හෝ පරිගණකයේ මෙය වාදනය කිරීමට අදාළ මෘදුකාංග නැත

අය වැය සම්මත කර නොහැකිව ඇමෙරිකාව කඩා වැටෙයි

නියමිත දිනට පෙර නව අයවැය යෝජනාව සම්මත කර ගැනීමට නොහැකි වීම නිසා එක්සත් ජනපදයේ රාජ්‍ය ආයතන වසා දමන ලෙස ධවල මන්දිරය නියෝග කළේය.

ව්‍යවස්ථාපිත නීතිය අනුව, නියමිත දිනට පෙර අයවැය වාර්තාව සම්මත කර ගැනීමට අපොහොසත් වුවහොත් රජයේ කටයුතු සඳහා කිසිදු වියදමක් දැරීමට රජයට අයිතියක් නැහැ.

මේ අනුව ඇමරිකා එක්සත් ජනපදයේ රජයේ සේවකයන් ලක්ෂ ගණනකට වැටුප් රහිතව නිවාඩු ගැනීමට සිදුවේ.

මේ තත්වය උදා වී ඇත්තේ ජනාධිපති ඔබාමා ගෙන ආ සෞඛ්‍ය සේවා ප්‍රති ව්‍යුහගත කිරීමේ යෝජනා අරඹයා මහජන මන්ත්‍රී මණ්ඩලය සහ සෙනෙට් සභාව අතර මතුවී ඇති මතභේද හමුවේ අයවැය වාර්තාව ප්‍රතික්ෂේප වීම හේතුවෙන්.

එක්සත් ජනපද රජයේ කාර්යාල මෙසේ වසා දැමීමට සිදු වූයේ වසර දාහතකට පසු ප්‍රථම වතාවටයි.