Tillakaratne Dilshan
ඔබේ දුරකථනයේ හෝ පරිගණකයේ මෙය වාදනය කිරීමට අදාළ මෘදුකාංග නැත

ඩිල්ෂාන් ගියත් ‘ඩිල්ස්කූප්’(Dilscoop) පිටියේ

ටෙස්ට් ක්‍රිකට් දිවියෙන් සමු ගත් ශ්‍රී ලංකා ක්‍රිකට් ක්‍රීඩක ඩිල්ෂාන් තිලකරත්න අද කොළඹ ක්‍රිකට් මූලස්ථානයේ පැවැත්වුන මාධ්‍ය හමුවකදී සිය තීන්දුව නිල වශයෙන් ප්‍රකාශයට පත් කරමින් ශ්‍රී ලංකාවේ ක්‍රිකට් නංවාලීම සඳහා තම ඉදිරි කාලය කැප කරන බව කියා සිටියේය.

1999 නොවැම්බර් මාසයෙහි සිම්බාබ්වේ පිලට එරෙහිව තරඟ වදිමින් සිය ටෙස්ට් ක්‍රිකට් දිවිය ආරම්භ කළ ඩිල්ෂාන් ගත වූ වසර දාහතර ඇතුළත ටෙස්ට් තරඟ අසූ හතක් සහ එක් දින තරඟ දෙසිය හැට හතකට සහභාගී වී ඇත.

ආක්‍රමණශීලී ප්‍රහාරක දකුණත් පිතිකරුවකු ,පන්දු යවන්නකු, සහ කඩුලු රකින්නකු ද වන ඩිල්ෂාන්, ශ්‍රී ලංකා පිලේ නායකයකු හැටියට ද ක්‍රිකට් ඉතිහාසයට එක් වෙයි.

ඩිල්ෂාන් විසින් හඳුන්වා දෙනු ලැබුන,ඔහුගේ ඩිල්ස්කූප්(Dilscoop)ප්‍රහාරක ශෛලිය අද ලොව පුරා ක්‍රිකට් ක්‍රීඩකයන් විසින් අනුගමනය කරන අතර එය ක්‍රීඩාලෝලීන්ගේ මහත් ආශ්වාදයට හේතු වී ඇත.

එක්දින සහ විස්සයි විස්ස තරඟ පිටියේ ඩිල්ෂාන් ඉදිරියේත් දැකිය හැකි වනු ඇත.

ඩිල්ෂාන් සමු ගනී. ‘ඩිල්ස්කූප්’(Dilscoop) පිටියේ