Puttalam
ඔබේ දුරකථනයේ හෝ පරිගණකයේ මෙය වාදනය කිරීමට අදාළ මෘදුකාංග නැත

හාම්පුතුන්ට නොඇසෙන ඇඟලුම් කම්කරු දුක

ආනමඩුව නවගත්තේගම වෙලේවැව ඇඟලුම් කම්හල වසා දැමීමෙන් ඇඟලුම් සේවිකාවන් හාරසියයකට රැකියා අහිමි වී ඇති බව ප්‍රසාද් පූර්නිමාල් ජයමාන්න වාර්තා කරයි.

කම්හල තුල දින කීපයක් ගෙන ගිය විරෝධතා ව්‍යාපාරවලින් පසු එම ඇඟලුම් සේවක සේවිකාවන් පුත්තලම කම්කරු කාර්යාලය ඉදිරිපිට රැස්ව ඉල්ලා සිටියේ, මාස තුනක තම හිඟ වැටුප් සහ සේවක අර්ථ සාධක මුදල් ගෙවීමට පියවර ගන්නා ලෙසයි.

කම්කරු නිලධාරීන් සේවකයන්ගේ නොව හාම්පුතුන්ගේ පැත්ත ගෙන ඇත යන්න ඇඟලුම් කම්කරු චෝදනාවයි.

මාදම්පේ ඇඟලුම් කම්හලත් වසා දැමීමෙන් තවත් සේවක සේවිකාවන් රැසකට රැකියා අහිමි වීමේ අනතුරක් පවතින බවත් ප්‍රසාද් පූර්නිමාල් ජයමාන්න වාර්තා කරයි.