ඔබේ දුරකථනයේ හෝ පරිගණකයේ මෙය වාදනය කිරීමට අදාළ මෘදුකාංග නැත

ඩිල්ශාන්ගේ සමුගැනීම ගැන සංගා, ඇන්ජලෝ, වාස් සහ සනත්

තිලකරත්න ඩිල්ශාන් ටෙස්ට් පිටියෙන් සමුගැනීම පිළිබඳව ප්‍රතිචාරය පළ කරන කුමාර් සංගක්කාර, නායක ඇන්ජලෝ මැතිවුස්, චමින්ද වාස් සහ සනත් ජයසූරිය.

ටෙස්ට් පිටියෙන් සමුගත්තද ඔහු තවදුරටත් එක් දින පිටියේ සහ විස්සයි විස්ස තරඟවල රැඳී සිටීම කණ්ඩායමට ශක්තියක් බවයි, නායක ඇන්ජලෝ මැතිවුස් සහ හිටපු නායක කුමාර් සංගක්කාර කොළඹ බීබීසී වාර්තාකරු අසාම් අමීන් සමඟ කියා සිටියේ.

ඩිල්ශාන් තවදුරටත් ටෙස්ට් පිටියේ රැඳි සිටිය යුතුව තිබූ බවයි, කණ්ඩායමේ වේග පන්දු යවන්නන්ගේ පුහුණුකරු චමින්ද වාස් මේ අතර පවසන්නේ.

කණ්ඩායමේ හිටපු නායකයකු සහ ප්‍රහාරාත්මක පිතිකරුවකු වන ඩිල්ශාන්ගේ අඩුව එක වරම පිරවිය නොහැකි වුවත්, කාලයත් සමඟ ඔහුගේ හිස් තැන පිරවීමට දක්ෂයන් බිහිවනු ඇති බව තේරීම් කමිටුවේ සභාපති, නියෝජ්‍ය අමාත්‍ය සනත් ජයසූරිය අසාම් අමීන්ට කියා සිටියේය.