Sanath Jayasuriya
ඔබේ දුරකථනයේ හෝ පරිගණකයේ මෙය වාදනය කිරීමට අදාළ මෘදුකාංග නැත

දේශපාලන සංස්කෘතියේ වෙනසක් අවශ්‍යයි - සනත්

මැති ඇමතිවරුන්ට ආරක්ෂකයන් පිරිවරා ගෙන ගමන් කිරීමට සිදුවූයේ යුද්ධය පැවති සමයේ බව පවසන නව නියෝජ්‍ය අමාත්‍ය සනත් ජයසූරිය එම දේශපාලන සංස්කෘතියේ වෙනසක් කිරීමට කාලය උදා වී ඇති බව බීබීසී සංදේශයට කියා සිටියේය.

ශ්‍රී ලංකා ක්‍රිකට් තේරීම් කමිටුවේ සභාපතිවරයාද වන සනත් ජයසූරිය තැපැල් කටයුතු පිලිබඳ නව නියෝජ්‍ය අමාත්‍යවරයා ලෙසින් බ්‍රහස්පතින්දා ජනාධිපති මහින්ද රාජපක්ෂ ඉදිරියේ දිවුරුම් දුන්නේය.

ඉන් අනතුරුව කොළඹ සිටින බීබීසී වාර්තාකරු අසාම් අමීන් සමඟ අදහස් දැක්වූ නව නියෝජ්‍ය අමාත්‍යවරයා, ජනතාවට සේවය කිරීම පිණිස ඇමති ධුරයක් අවශ්‍යම නැතත්, නියෝජ්‍ය අමාත්‍ය ධුරය මගින් වඩාත් සේවයක් කිරීමට හැකි වනු ඇති බවට බලාපොරොත්තු පළ කළේය.