ඔබේ දුරකථනයේ හෝ පරිගණකයේ මෙය වාදනය කිරීමට අදාළ මෘදුකාංග නැත

පයිලින් කුණාටුවෙන් උතුරේ ධීවර බෝට්ටුවලට හානි

ඉන්දියාවේ ඔරිස්සා සහ ආන්ද්‍රා ප්‍රාන්ත හරහා හමා ගිය ෆයිලින් කුණාටුවට ගොදුරු වීමෙන් යාපනයේ සහ මුලතිවු ප්‍රදේශවල ධීවර බෝට්ටුවලට හානි සිදු වී ඇති බව ශ්‍රී ලංකා බලධාරීහු පවසති.

Image caption කුණාටුව හේතුවෙන් ශ්‍රී ලංකාවේ ජීවිත හානි වාර්තා වී නැති බව අමාත්‍යවරයා පවසයි

ෆයිලින් කුණාටුව නිසා ඉන්දියාවේ යටත් පිරිසෙයින් හත් දෙනෙකු වත් මිය ගොස් ඇති නමුත්, කුණාටුව ළඟා වීමට පෙර ප්‍රදේශවාසීන් ඉවත් කිරීමට බලධාරීන් ක්‍රියාත්මක වීම නිසා සිදුවීමට තිබූ බරපතළ ජීවිත හානියක් වළකා ගැනීමට හැකි වී ඇති බව වාර්තා කරුවෝ පවසති.

කුණාටුව සම්බන්ධයෙන් උතුරේ ධීවරයන්ටද අනතුරු ඇඟවීමට ශ්‍රී ලංකා බලධාරීන් පියවර ගැනීම හේතුවෙන් ජීවිත හානි කිසිවක් වාර්තා වී නැති බව වැඩ බලන ධීවර අමාත්‍ය සරත් කුමාර ගුණරත්න බීබීසී සංදේශයට කියා සිටියේය.

අනතුරු ඇඟවීම් නොදැන දියඹට ගිය ධීවරයන් පිරිසක් බේරා ගැනීමට නාවික හමුදාවට හැකි වූ බවත්, කිසිවෙකු හෝ අතුරුදහන්ව සිටින බවක් මේ දක්වා වාර්තා වී නොමැති බවත් අමාත්‍යවරයා සඳහන් කළේය.

දියඹට යාමේදී ජීවිතාරක්ෂක කබා පැළඳීමේ අවශ්‍යතාවය මේ අවස්ථාවේ යලිත් වරක් ධීවරයන්ට අවධාරණය කරන බවද අමාත්‍ය අමාත්‍ය සරත් කුමාර ගුණරත්න සංදේශයට පැවසීය.