ඔබේ දුරකථනයේ හෝ පරිගණකයේ මෙය වාදනය කිරීමට අදාළ මෘදුකාංග නැත

දැවැන්ත 'මූදු සර්පයෙක්' වෙරළේ

කැලිෆෝනියා වෙරළට ගොඩ ගැසූ මේ දැවැන්ත මත්ස්‍යයාගේ දිග අඩි දහ හතරක්.

Oarfish නමින් ඉංග්‍රීසියෙන් හඳුන්වන මෙවන් මාළු කුණක් සතියක් තුලදී වෙරළට ආ දෙවැනි වතාවයි මේ.

අඩි හතලිස් පහකට වැඩි දිගක් දක්වා වැඩෙන මේ දුර්ලභ මත්ස්‍ය විශේෂය සම ශීතොෂ්ණ මෙන්ම ඝර්ම කලාපීය සාගරයේද මීටර දහසක් දක්වා ගැඹුරේ ජීවත් වෙයි.

ඇතැම් ප්‍රබන්ධ වල එන මුහුදු සර්පයන් පිලිබඳ කතා වලට තුඩු දී ඇත්තේ මේ මත්ස්‍යයා වියහැකි බවට ද විශ්වාසයක් පවතී.