ඔබේ දුරකථනයේ හෝ පරිගණකයේ මෙය වාදනය කිරීමට අදාළ මෘදුකාංග නැත

බ්‍රිතාන්‍ය කුණාටුවෙන් දෙදෙනකු මරුට, ලක්ෂ ගණනකට විදුලිය නෑ

දකුණු බ්‍රිතාන්‍යයේ විශාල ප්‍රදේශයක් හරහා හමා ගිය කුණාටුවට හසුව දෙදෙනකු මරුමුවට පත් වී ඇති අතර, ලක්ෂ තුනකට ආසන්න නිවාසවලට විදුලි බලයද අහිමි වී තිබේ.

කෙන්ට් සහ වොට්ෆඩ් ප්‍රදේශවලදී දාහත් හැවිරිදි තරුණියක සහ පනස් හැවිරිදි පුරුෂයකු මරුමුවට පත් වුනේ කඩා වැටුණු ගස්වලට යට වීමෙන්.

ගස් කඩා වැටීම නිසා දකුණු ප්‍රදේශවල බොහෝ දුම්රිය ගමනාගමනයද ඇනහිට තිබූ අතර, හීත්‍රෝ ගුවන් තොටුපොලෙන් ගුවන් ගතවීමට නියමිතව තිබූ ගුවන් ගමන් එකසිය තිහක්ද අවලංගු කොට තිබේ.

කුණාටුව දැන් පහව ගොස් ඇතත්, අද දිනය පුරාම සුලන් සහිත කාලගුණයක් පැවතිය හැකි බව කාලගුණ දෙපාර්තමේන්තුව පවසයි.

මේ වන විට නිවාස දෙලක්ෂ හැත්තෑ දහසකට විදුලි බලය ඇනහිට තිබෙන බව විදුලි බල සමාගම එකමුතුව තහවුරු කළේය.