ඔබේ දුරකථනයේ හෝ පරිගණකයේ මෙය වාදනය කිරීමට අදාළ මෘදුකාංග නැත

දේශපාලන සමා නීතියට තායි විරෝධතා

4 නොවැම්බර් 2013 අවසාන වරට යාවත්කාලීන කළේ 16:58 GMT

තායිලන්ත පාර්ලිමේන්තුවේ පහළ මන්ත්‍රී මණ්ඩලය මගින් පසුගිය සිකුරාදා සම්මත කළ දේශපාලන ක්‍ෂමා පනතට එරෙහිව බැංකොක් අගනුවරට රැස් වූ දහස් සංඛ්‍යාත උද්ඝෝෂකයන් පිරිසක් විරෝධතා රැලි වලට සහභාගී වෙමින් සිටිති.

සම්මත කරනු ලැබ ඇති නව ක්‍ෂමා පනත නීතිගත කෙරුනොත් ඒ යටතේ පසුගිය අවුරුදු නවයක කාලය ඇතුළත දේශපාලන කාරනා මුල් කර ගනිමින් වරදකරුවන් කරනු ලැබ ඇති සියලු දෙනාට ම සමාවක් පිරිනැමිය හැකි වෙයි.

අධිකරණය විසින් වරදකරුවකු හැටියට තීන්දු කරනු ලැබ ඇති, මේ වන විට රටින් පළා ගොස් සිටින හිටපු අගමැති තක්ෂින් සිනවත්ටත් මෙම නව නීතිය අනුව ආපසු රටට ඇතුල්වීමට අවස්ථාව උදා වනු ඇත.

තක්ෂින් සිනවත්

2006 වසරේ දී සිදු කෙරුණ යුද හමුදා කුමන්ත්‍රණයකින් එවකට අගමැති පදවියේ සිටි තක්ෂින් සිනවත්ගේ පාලනය පෙරළා දමනු ලැබීමෙන් පසු, රට තුළ වසංගතයක් වී පවතින අර්බුදකාරී තත්වය නිමාවකට ගෙන ඒමට නව ක්‍ෂමා පනත හේතු වන බවයි, තායිලන්ත ආණ්ඩුව පවසන්නේ.

එහෙත් එම පනත දෝෂ දර්ශනයට ලක් කරන්නන් පෙන්වා දෙන්නේ, මානව හිමිකම් උල්ලංඝනය කරන්නන්ට දඬුවම් ලැබීමෙන් වැළකීමට නව පනත මගින් මග සැලසෙන බවයි.