protest
ඔබේ දුරකථනයේ හෝ පරිගණකයේ මෙය වාදනය කිරීමට අදාළ මෘදුකාංග නැත

බංග්ලාදේශයේ ප්‍රචණ්ඩ විරෝධතා

බංග්ලාදේශ් ඉස්ලාමීය නායක, අබ්දුල් කාදර් මොල්ලා එල්ලා මරා දැමීමෙන් පසු එරට සමහර ප්‍රදේශවල ප්‍රචණ්ඩ විරෝධතා හට ගෙන තිබේ.

පොලීසිය හා විරෝධතාකරුවන් අතර ගැටුම් හට ගත් අතර මෙහිදී තිදෙනෙක් මිය ගියහ.

විරෝධතාකරුවෝ නිවාස, කඩ, සාප්පු හා වාහන වලට ගිනි තැබූහ.

1971 වසරේදී පාකිස්තානයට එරෙහිව ගෙන ගිය නිදහස් අරගලයේදී, මානව වර්ගයාට එරෙහිව සාපරාධී ක්‍රියාවන්හි නිරත වූ බවට එල්ලවූ චෝදනාවලට වරදකරු වූ අබ්දුල් කාදර් මොල්ලා ඊයේ එල්ලා මරා දමන ලදී.

ප්‍රචණ්ඩ ක්‍රියා පැවතුනද ඔහු එල්ලා මරා දැමීමට සහය පල කරමින් ජනතාව ධකා අගනුවර වීථි බැස සිටියහ.