ඔබේ දුරකථනයේ හෝ පරිගණකයේ මෙය වාදනය කිරීමට අදාළ මෘදුකාංග නැත

චීනයේ ශ්‍රම කඳවුරු අහෝසියි

  • 2013 දෙසැම්බර් 28
Image caption චීනයේ ශ්‍රම කඳවුරු

චීනයේ දැවැන්ත වෙනස්කම් සිදුවෙමින් තිබේ.

චීන රජය එක් දරු උපත් ප්‍රතිපත්තිය ලිහිල් කිරීම නිල වශයෙන් අනුමත කොට ඇත.

එසේම මෙතෙක් පැවති ශ්‍රම කඳවුරු අහෝසි කිරීමටත් තීරණය කොට තිබේ.

අඹු සැමි දෙදෙනාගෙන් අයකු ඔවුන් උපන් පවුල්වල එකම දරුවා නම් එම යුවලට දරුවන් දෙදෙනකු හදා ගැනීමට දැන් ඉඩ ලැබේ.

චීනයේ දශක ගණනාවක් පුරා පවතින ශ්‍රම කඳවුරු අහෝසි කොට ඒවා මත් ද්‍රව්‍ය වලට ඇබ්බැහිවූවන් පුනරුත්ථාපනය කිරීමේ මධ්‍යස්ථාන බවට පත් කොට ඇත.

බීබීසි යේ ඇන්ඩෘ පීච් (Andrew Peach) මේ පිළිබඳව බේජින් නුවර වාර්තාකාරිය සීලියා හැටන් (Celiya Hatton) සමඟ කළ සාකච්ජාවක් මේ