ඔබේ දුරකථනයේ හෝ පරිගණකයේ මෙය වාදනය කිරීමට අදාළ මෘදුකාංග නැත

හිම ඔලිම්පික් උළෙලට ඉන්දීය ධජය තහනම්

Image copyright Olympstroi
Image caption සෝචි ඔලිම්පික් ගම්මානය

මෙවර ඔලිම්පික් හිම ක්‍රීඩා උළෙලට ඉන්දියාවෙන් ක්‍රීඩකයන් තිදෙනෙකු සහභාගී වන අතර ඔවුන්ට ඉන්දීය ජාතික ධජය යටතේ තරඟ කිරීම තහනම් වී තිබේ.

ඉන්දීය ඔලිම්පික් සංගමය වසර 2012 දී ජාත්‍යන්තර ඔලිම්පික් කමිටුවේ තහනමට ලක් වීම මෙයට හේතුව යි.

ඉන්දීය ඔලිම්පික් සංගමයේ නිලවරණයේ දී දූෂිත බලධාරීන් තේරී පත් වී ඇති බවත් එහි ව්‍යවස්ථාව උල්ලංඝනය කර ඇති බවත් වාර්තා වූ අතර එහි ප්‍රතිඵලයක් ලෙස ඉන්දීය ඔලිම්පික් සංගමය, ජාත්‍යන්තර ඔලිම්පික් කමිටුවේ තහනමට ලක් විය.

එවැනි තත්වයක් හමුවේ ඉන්දියානු ක්‍රීඩකයන් තිදෙනාට තම රට නියෝජනය කළ නොහැකි වන අතර ඔවුන් තරඟ වදින්නේ ජාත්‍යන්තර ඔලිම්පික් කමිටු ධජය යටතේ ස්වාධීන ක්‍රීඩකයන් ලෙසිනි.

ඔලිම්පික් හිම ක්‍රීඩා උළෙල සඳහා සහභාගී වන ඉන්දීය ක්‍රීඩක ශිවා කේශවාන් බීබීසීයට කියා සිටියේ රටේ දෙතුන් දෙනෙකුගේ ක්‍රියා කලාපය නිසා ඉන්දියාවට මෙම ‘ලැජ්ජාවට’ මුහුණ දීමට සිදුවී ඇති බවයි.

හඬ පටයට සවන් දෙන්න.