ඔබේ දුරකථනයේ හෝ පරිගණකයේ මෙය වාදනය කිරීමට අදාළ මෘදුකාංග නැත

මුහුදට බිලිවන පල්ලියවත්ත දූපත

කල්පිටිය පල්ලියවත්ත දූපත ටිකෙන් ටික මුහුදට සේදී යන බවත් මේ පිළිබඳව වග කිව යුත්තන්ගේ නිසි අවධානය යොමුව නැති බවත් ප්‍රදේශවාසීහු පවසති.

Image caption 'දූපත සම්පුර්ණයෙන්ම මුහුදට බිලි වන දිනය වැඩි ඈතක නොවන බව'

එය ආරක්ෂා කර ගැනීම සඳහා වහා පියවර ගත යුතු බවයි ඔවුන් කියා සිටින්නේ.

වෙරළ තීරය ගල් වැටියක් දමා ආරක්ෂා නොකළහොත් දූපත සම්පුර්ණයෙන්ම මුහුදට බිලි වන දිනය වැඩි ඈතක නොවන බවයි පල්ලියවත්ත දූපතේ පදිංචි පෝල් ප්‍රනාන්දු කියා සිටියේ.

දූපත දිය වීමට පටන් ගැනීමත් සමඟ පාසැල වැසී යාම, පානීය ජලය හිඟ වීම සහ ප්‍රමාණවත් සෞඛ්‍ය පහසුකම් නොමැති වීම යන කාරණා මත මිනිසුන් දූපත හැර යාමට පටන් ගෙන ඇති බව දූපත් වාසීහු පවසති.

දැනට දූපතේ ඉතිරිව සිටින ජනතාව හමු වී මේ වාර්තාව සංදේශයට ගොනු කරන්නේ ප්‍රසාද් පූර්නිමාල් ජයමාන්න. හඬ පටයට සවන් දෙන්න.