ඔබේ දුරකථනයේ හෝ පරිගණකයේ මෙය වාදනය කිරීමට අදාළ මෘදුකාංග නැත

සෑම වසරකම අලුත් ලාදුරු රෝගීන් දෙදහසක්

සෑම වසරකදීම ලාදුරු රෝගීන් දෙදහසක් පමණ අලුතින් වාර්තා වන බවත් ඉන් සියයට හතළිස් හතරක් ම වාර්තා වන්නේ බස්නාහිර පලාතෙන් බවත් සෞඛ්‍ය බලධාරීහු පවසති.

Image copyright AFP
Image caption වයස අවුරුදු පහළොවට අඩු ළමුන් එකසිය හැත්තෑ හතකට ලාදුරු රෝගය

වසර 2020 වන විට ශ්‍රී ලංකාවේ ලාදුරු රෝගීන් වාර්තා වීමේ ප්‍රමාණය, වසරකට රෝගීන් දහසකට අඩු මට්ටමින් පවත්වා ගැනීම සෞඛ්‍ය අමාත්‍යංශයේ ඉලක්කය වී තිබේ.

සෞඛ්‍ය අමාත්‍යාංශයේ ලාදුරු මර්දන වැඩසටහනේ අධ්‍යක්‍ෂිකා, වෛද්‍ය නිලන්ති ප්‍රනාන්දු කියා සිටියේ ලෝක සෞඛ්‍ය සංවිධානයේ සංඛ්‍යා ලේඛන වලට අනුව වසරකට ලාදුරු රෝගීන් දහසකට වැඩියෙන් වාර්තා වන රටවල් දහසය අතර ශ්‍රී ලංකාවද සිටින බවයි.

දැනට ලැබී ඇති සංඛ්‍යා ලේඛන අනුව වයස අවුරුදු පහළොවට අඩු ළමුන් එකසිය හැත්තෑ හතකට ලාදුරු රෝගය වැළඳී ඇති බව වෛද්‍ය නිලන්ති ප්‍රනාන්දු තවදුරටත් කියා සිටියාය.

මේ පිළිබඳව කළ විමසුමක හඬ පටයට සවන් දෙන්න.