ඔබේ දුරකථනයේ හෝ පරිගණකයේ මෙය වාදනය කිරීමට අදාළ මෘදුකාංග නැත

ධිවර කම්කරුවාගේ සැමරුමට යකඩ පොලු රැගත් පිරිස්

හලාවත අද සෙනසුරාදා උද්ඝෝෂණයක් පැවැත්වෙද්දී යකඩ පොලු සහිතව සිටි තිදෙනෙකු අල්ලා පොලිසියට භාර දී තිබේ.

ඔවුන් පොලිස් නිලධාරීන් බව උද්ඝෝෂකයෝ චෝදනා කරති.

ඉන් අනතුරව පොලිසිය හා උද්ගෝෂකයන් අතර උණුසුම් තත්වයක් හට ගැනිණි.

වර්ෂ පුර්ණ සැමරුම

බුමිතෙල් මිල අඩු කරන ලෙස ඉල්ලමින් 2012 වර්ෂයේ රට පුරා පැවති ධිවර කම්කරු විරෝධතා වලට සමගාමිව හලාවතදී පැවති විරෝධතාවයේදී පොලිස් වෙඩි පහරකට ලක්ව මියගිය ඇන්ටනි ප්‍රනාන්දු ධිවර කම්කරුවා ගේ දෙවන වර්ෂ පුර්ණ සැමරුමෙන් අනතුරුවයි උද්ඝෝෂණය පැවැත්වුණේ.

මෙහිදී ඇන්ටනි ප්‍රනාන්දු කම්කරුවාගේ දරුවන්ට හා එම අරගලයේදීම වෙඩි වැදීමෙන් පසු සිය දිවි නසාගත් ජේසු මරිය කිංස්ලි කම්කරුවාගේ දරුවන්ට මුදල් පිරිනැමීමක්ද සිදූ කෙරිණ.

හලාවත සුදසුන ශාලාවේ පැවති මේ සැමරුමෙන් පසු රැස්ව සිටි ජනතාව පාගමනින් ගොස් උද්ගෝෂණය කරමින් ඉල්ලා සිටියේ තමන්ට නිදහසේ ධිවර රැකියාව කිරීමට අවශ්‍ය පසුබිම සකස් කර දෙන ලෙසයි.

මේ අවස්ථාවට එක්වූ විපක්ෂ නායක රනිල් වික්‍රමසිංහ කියා සිටියේ ශ්‍රී ලංකාවේ මුහුද මේ වන විට විදෙස් රටවලට බදු දී ඇති බවයි.

Image caption යාපනයේ ධීවරයන්

ජාතික ධිවර ඒකාබද්ධ කමිටුවේ කැදවුම්කරු හර්මන් කුමාර ප්‍රකාශ කළේ ධීවරයන්ට නිදහසේ රැකියාව කිරීමට ඇති අයිතිය රජය විසින් අහෝසි කර ඇති බවයි.

අද හලාවත ධීවරයන් මුහුදු යාමෙන් වැලකි සිටි අතර මේ නිසා හලාවත ප්‍රධාන මාළු වෙළද පොළ පාලුවට ගොස් තිබිණි .

යකඩ පොලු සහිතව පොලීසියට බාර දුන් දුන් දෙදෙනා පොලිස් නිලධාරීන් බවට උද්ඝෝෂකයන් නගන චෝදනාව සනාථ කර ගැනීමට පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා සම්බන්ධ කර ගැනීමට ගත් උත්සාහය සාර්ථක වූයේ නැත.

මේ අතර වාරයේ යාපනයේදී උද්ඝෝසනයක් පැවැත්වූ ධීවරයන් කියා සිටින්නේ දිගින් දිගටම ඉන්දියාව විසින් ධීවරයන් අත්අඩංගුවට ගැනීම හේතුවෙන් තම වැඩ කටයුතු කර ගෙන යාම දුෂ්කර වී ඇති බවයි.

යාපනයේදී උද්ඝෝෂණ

Image caption යාපනයේ උද්ඝෝෂණ

තමන්ගේ රැස්වීම පැවැත්වීමට සංවිධානාත්ම පිරිසක් විසින් තර්ජන එල්ල කළ බව ධීවර සහයෝගිතා පෙරමුණේ ඇන්ටන් ජෙසුදාසන් ප්‍රකාශ කළේය.

රැස්වීමට පිරිස ගෙනා බස් රථයේ රියදුරා හට දුරකතනයක් ඔස්සේ කතා කොට බස් රථය ගිනි තබන බවට තර්ජනය කොට ඇති බවත් ජෙසුදාසන් තවදුරටත් පැවසුවේය.