ඔබේ දුරකථනයේ හෝ පරිගණකයේ මෙය වාදනය කිරීමට අදාළ මෘදුකාංග නැත

‘මරණ දඬුවම ක්‍රියාත්මක කරනු’ -විරෝධතාවක්

මරණ දණ්ඩනය ක්‍රියාත්මක කරන ලෙස රජයට බල කරමින් කොළඹ ශ්‍රේෂ්ඨාධිකරණය ඉදිරිපිට නිහඬ විරෝධතාවක් දියත් විය.

මෑතක දී රත්මලාන ප්‍රදේශයේ මවක් සහ ඇයගේ බාල වයස්කාර දරුවන් දෙදෙනා පුළුස්සා මරා දැමීමේ සිද්ධියේ මියගිය පාර්ශ්වයේ ඥාතීන් සහ ප්‍රදේශවාසීන් විසින් මෙම නිහඬ විරෝධතාව පවත්වන ලදී.

විරෝධතාවට එක්ව සිටි කරුණාදාස ප්‍රනාන්දු අවධාරණය කළේ වර්ධනය වෙමින් පවතින අපරාධ රැල්ල මැඩපැවැත්වීම සඳහා මරණ දඬුවම ක්‍රියාත්මක කිරීම අවශ්‍ය බවයි.

මරණ දඬුවම අහෝසි කළ යුතු බවට ඉදිරිපත් වී ඇති යෝජනා ප්‍රතික්ෂේප කර සමාජයේ යහපත සඳහා එය වහා ක්‍රියාත්මක කල යුතු බව විරෝධතාවට එක්ව සිටි එච.කේ. චන්ද්‍රලතා පැවසුවාය.

එහෙත් ශ්‍රී ලංකා මානව හිමිකම් කොමිසමේ කොමසාරිස් ප්‍රතිභා මහානාම හේවා පවසන්නේ ජාත්‍යන්තර වශයෙන් පිළිගත් මානව හිමිකම් නීති සම්ප්‍රදායට අනුව මරණ දණ්ඩනය ක්‍රියාත්මක කිරීමට ශිෂ්ට සම්පන්න සමාජයකට හැකියාවක් නොමැති බවයි.