ඔබේ දුරකථනයේ හෝ පරිගණකයේ මෙය වාදනය කිරීමට අදාළ මෘදුකාංග නැත

අපොස සාපෙළ ගණිතය අසමත් සිසුන්ට උසස් පෙළ වරම්

අධ්‍යාපන පොදු සහතික පත්‍ර සාමාන්‍ය පෙළ ගණිතය විෂය අසමත්වන දරුවන්ට උසස් අධ්‍යාපනය ලැබීමට අවස්ථාව ලබාදීම සඳහා සැලසුම් කෙරෙන කැබිනට් පත්‍රිකාවක් දිනයේ ඉදිරිපත් කරන බව අධ්‍යාපන අමාත්‍ය බන්දුල ගුණවර්ධන ප්‍රකාශ කරයි.

අධ්‍යාපන පොදු සහතික පත්‍ර සාමාන්‍ය පෙළ විභාගයෙන් ගණිතය අසමත්වන සංඛ්‍යාව වසරකදී ලක්ෂ දෙකක් ඉක්මවන බව කියා සිටින අධ්‍යාපන අමාත්‍යවරයා වැඩි දුරටත් කියා සිටින්නේ මේ තත්වය තුල පසුගිය වසර තිහක කාලය තුල තරුණ අසහනය වර්ධනය වී ඇති බවයි .

බන්දුල ගුණවර්ධන අධ්‍යාපන අමාත්‍යවරයාගේ මේ නව වැඩ පිළිවෙල ලංකා ගුරු සංගමය විසින් දෝෂ දර්ශනයට ලක් කොට තිබේ.

ලංකා ගුරු සංගමයේ ප්‍රධාන ලේකම් ජෝසප් ස්ටාලින් ප්‍රකාශ කළේ කිසිදු විමසීමකින් හා කිසිදු සොයා බැලීමකින් තොරව අධ්‍යාපන අමාත්‍යවරයා ගන්නා තීරණ තීන්දු වහාම අකුළා ගත යුතු බවයි .

එහෙත් අධ්‍යාපන අමාත්‍යවරයාගේ නව යෝජනාව සිසු දරුවන්ගේ හා දෙමාපියන්ගේ පැසසුමට ලක්ව තිබේ .

ගණිතය විෂය අසමත්වන දරුවන්ට මේ යෝජනාවෙන් සෙතක් වන බවයි ප්‍රසාද් පූර්ණිමාල් ජයමාන්න කළ විමසීමකදී ඔවුන් කියා සිටියේ.