ඔබේ දුරකථනයේ හෝ පරිගණකයේ මෙය වාදනය කිරීමට අදාළ මෘදුකාංග නැත

වසර 24 පසු යාපනයට යළි දුම්රිය

දශක ගණනාවකට පසු ඔක්තෝබර් 13 වැනිදා යාල් දේවි දුම්රිය නැවතත් යාපනය දක්වා ගමන් ආරම්භ කිරීමට නියමිතයි.

ඉන්දීය රජය විසින් ලබා දුන් ණය සහ තාක්ෂණ ආධාර යටතේ ඉදිකිරීම් කරනු ලබන්නේ ඉන්දීයාවේ ඉර්කොන් (IRCON) සමාගම විසින්.

1990 වසරේදී ඉන්දීය සාම සාධක හමුදාව ශ්‍රී ලංකාවෙන් පිටව යාමෙන් පසු දුම්රිය මාර්ගය සම්පූර්ණයෙන්ම වසා දමා තිබිණ.

එල්ටීටීඊ බංකර

යුද්ධයේ මැද භාගය වන විට එල්ටීටීඊ සංවිධානය විසින් දුම්රිය මාර්ගයේ සියලු සිල්පර කොට මෙන්ම රේල් පීලිද ගලවා ගෙන ගොස් ඔවුන්ගේ බංකර ඉදිකිරීම සඳහා යොදා ගන්නා ලදී.

පසුගිය වසර 24 පුරාම වවුනියාවේ සිට දුම්රිය ධාවනයක් සිදු නොවීය.

පලෙයි දුම්රිය ස්ථානයේ සිට යාපනය දක්වා චාවකච්චේරි,කොඩිකාමන් සහ නාවට්කුලම් යන ප්‍රධාන දුම්රිය ස්ථාන අලුතින් ඉදි කොට තිබේ.

දැනට යාල් දේවි දුම්රිය කොළඹ සිට පලෙයි දක්වා ධාවනය වෙයි.

එහි සිට යාපනය දක්වා අලුතින් ඉදිකළ දුම්රිය මාර්ගය මහින්ද රාජපක්ෂ ජනාධිපතිවරයා අතින් විවෘත කිරීමට නියමිතව තිබේ.

නිල වශයෙන් විවෘත කිරීමට පෙර සංවිධාන කළ පූර්ව චාරිකාවකට එක්වී පළමු වරට අත්දැකීම් ලබා ගැනීමට මාධ්‍යවේදීන්ට හැකි විය.

එම චාරිකාවට එක්වූ ප්‍රංශ පුවත් සේවයේ කොළඹ වාර්තාකරු අමල් ජයසිංහ සිය අත්දැකීම් සංදේශයට විස්තර කළේය.