Landslide victims
ඔබේ දුරකථනයේ හෝ පරිගණකයේ මෙය වාදනය කිරීමට අදාළ මෘදුකාංග නැත

තවත් වතු කිහිපයක් නාය යාමේ තර්ජනයට?

බලධාරීන් විසින් තමන්ට නිවාස ලබා දීමට හෝ විකල්ප ඉඩම් ලබා දීමට හෝ පියවර නොගත් බවට කොස්ලන්ද මිරියබැද්දවත්තේ විපතට පත්වූවන්ගේ ඥාතීහු සහ අවට ගම්මානවල ජනතාව චෝදනා එල්ල කරති.

සමහරෙක් පැවසුවේ නිවාස ඉදිකිරීම ආරම්භ කොට ඇතත් අඩක් පමණක් අවසන් කොට ඇති බවයි.

සමහර නිලධාරීන් නිවාස ඉදිකිරීමේ කටයුතු වෙනුවෙන් අල්ලස් බලාපොරොත්තු වන බව තවත් පිරිසක් පවසති.

නාය යාමක් සිදුවන බවට මීට කලින් අනතුරු අඟවා තිබුනත් මිරියබැද්දවත්තේ සිදුවූ නාය යෑම ගැන දැනුම්දීමක් නොකළ බවයි ප්‍රදේශවාසීන්ගෙන් සමහරෙක් පැවසුවේ.

කොස්ලන්ද, මිරියබැද්දවත්ත ගම්මානය අවට තවත් වතු කිහිපයක් නාය යාමේ තර්ජනයට ලක්ව ඇති බවත් එම ජනතාවට ඉඩම් හා නිවාස ලබා දීමට පියවර ගන්නා ලෙසත් ප්‍රදේශවාසීහු බලධාරීන්ගෙන් ඉල්ලා සිටිති.