ඔබේ දුරකථනයේ හෝ පරිගණකයේ මෙය වාදනය කිරීමට අදාළ මෘදුකාංග නැත

හිරුණිකා රට හැර ගියේ නැහැ - රාජිත

පසුගියදා විපක්ෂ සන්ධානයට එක් වූ බස්නාහිර පළාත් සභා මන්ත්‍රිනී හිරුණිකා ප්‍රේමචන්ද්‍ර රට හැර ගිය බවට පළ වෙමින් පවතින වාර්තා විපක්ෂය සන්ධානය විසින් ප්‍රතික්ෂේප කරනු ලබයි.

එම වාර්තා සම්බන්ධයෙන් බීබීසිය සිදු කළ විමසීමක දී විපක්ෂ සන්ධානයේ සම මාධ්‍ය ප්‍රකාශක පාර්ලිමේන්තු මන්ත්‍රී දොස්තර රාජිත සේනාරත්න කියා සිටියේ, තර්ජන හමුවේ විදේශගත වූ හිරුණිකා ප්‍රේමචන්ද්‍ර යළි ශ්‍රී ලංකාවට ලඟා වූ අතර හෙට පටන් පොදු අපේක්ෂකයාගේ මැතිවරණ ප්‍රචාරක ව්‍යාපාරයට එක් වෙන බවයි.

පළාත් සභා මන්ත්‍රීවරියට තර්ජන එල්ල වී ඇති බව කියා සිටි දොස්තර රාජිත සේනාරත්න ඇයගේ නිවස අසල ප්‍රචාරක පුවරු ආදිය විනාශ කරනු ලැබ ඇති බවයි සඳහන් කළේ.

හිරුණිකා ප්‍රේමචන්ද්‍රට එරෙහි තර්ජන පිටුපස සිටින්නේ ඇයගේ පියා ඝාතනය කළ පාතාල කල්ලිවල සාමාජිකයන් බවත් ඔහු පවසයි.

සැබෑ ලෙසම එවැනි තර්ජනයක් වේ නම් පොලිසියට පැමිණිලි නොකරන්නේ මන්දැයි බීබීසිය ප්‍රශ්න කළ විට විපක්ෂ සන්ධානයේ සම මාධ්‍ය ප්‍රකාශක රාජිත සේනාරත්න ප්‍රකාශ කළේ, පැමිණිලි කළත් අවශ්‍ය පියවර නොගන්නා අතර මැතිවරණ කොමසාරිස්වරයාත් කිසිදු ක්‍රියාමාර්ගයක් ගත නොහැකි තත්වයක සිටින බවයි.