ඔබේ දුරකථනයේ හෝ පරිගණකයේ මෙය වාදනය කිරීමට අදාළ මෘදුකාංග නැත

පළාත් කීපයක් නායයෑමේ අවදානමක්

ප්‍රදේශ කීපයක නායයෑමේ අවදානමක් පවතින ජාතික ගොඩනැගිලි පර්යේෂණ සංවිධානය අනතුරු අඟවයි.

මාතලේ, නුවර, බදුල්ල සහ නුවර එළිය යන දිස්ත්‍රික්ක වලට මෙසේ අවදානම් තත්ත්වයක් පවතින බවයි ජාතික ගොඩනැගිලි පර්යේෂණ සංවිධානය පවසන්නේ.

දිගටම පවතින වැසි සහිත කාලගුණික තත්වය දිවයිනේ දිස්ත්‍රික් ගණනාවකට බලපා ඇති බව පවසන ආපදා කළමනාකරණ මධ්‍යස්ථානයේ නියෝජ්‍ය අධ්‍යක්ෂ ප්‍රදීප් කොඩිප්පිලි විශාල පිරිසක් ආරක්‍ෂිත ස්ථානවල රඳවා ඇති බව ප්‍රකාශ කළේය.

දිවයිනේ දිස්ත්‍රික්ක ගණනාවක අධික වර්ෂාව පවතින බවත් අද සෙනසුරාදා දින මිමි 150 කට වැඩි වැසි පතිත වී ඇති බවත් ඔහු සඳහන් කළේය.

පුත්තලම දිස්ත්‍රික්කයේ පුද්ගලයන් 1780, ත්‍රිකුණාමලය දිස්ත්‍රික්කයේ 1387 සහ මන්නාරම දිස්ත්‍රික්කයේ 277 දෙනකු ආරක්‍ෂිත ස්ථානවල රඳවා සිටින බවයි ඔහු පැවසුවේ.

Image caption පොලොන්නරුවේ මහ වැසි

ගමනාගමනය අඩාලයි

එසේම අනුරාධපුරය සහ පොලොන්නරුව දිස්ත්‍රික්කවල 4000 දහසකට වැඩි පිරිසක් ආරක්‍ෂිත ස්ථානවල රැකවරණ ගෙන ඇති බවත් ආපදා කළමනාකරණ මධ්‍යස්ථානයේ නියෝජ්‍ය අධ්‍යක්ෂ ප්‍රදීප් කොඩිප්පිලි ප්‍රකාශ කළේය.

පුත්තලම අනුරාධපුර මාර්ගයේ පහළ මාරගස්වැව ප්‍රදේශය ජලයෙන් යට වී ඇති බවයි වාර්තා වන්නේ.

ඊට හේතු වී තිබෙන්නේ, අංගමු සහ ඉහළ තම්මැන්නා වැව වාන් දැමිමත් නෙලුම්ගමවැව ඇතුළු වැව් කිහිපයක් කැඩී යාමයි.ජාල පහර දරුණු වීමත් සමඟ සාමාන්‍ය වාහන ධාවනය අසීරු විය.

වර්ෂාව සහ දිය ගැලීම් නිසා ප්‍රදේශ කීපයක නිවාස හානිවීම් ගැනත් වාර්තා ලැබෙමින් පවතී.