ඔබේ දුරකථනයේ හෝ පරිගණකයේ මෙය වාදනය කිරීමට අදාළ මෘදුකාංග නැත

කුරුණෑගලින් 21 දෙනෙක් පොදු අපේක්ෂකට

කුරුණෑගල දිස්ත්‍රික්කයේ එක්සත් ජනතා නිදහස් සන්ධානයේ ප්‍රාදේශීය සභා මන්ත්‍රීවරුන් ඇතුළු 21 දෙනෙක් අද, බදාදා විපක්ෂ නායක කාර්යාලයේ දී පොදු අපේක්ෂක මෛත්‍රීපාල සිරිසේන ට සහාය දැක්වීමට එක් වූහ.

වයඹ පළාත් මහා ඇමති දයාසිරි ජයසේකර ට සහය පළ කරමින් ආණ්ඩුවට එක්වු එක්සත් ජාතික පක්‍ෂයේ ප‍්‍රාදේශිය සභා මන්ත‍්‍රීවරුන් සහ ජොන්ස්ටන් ප‍්‍රනාන්දු සමග එක්සත් ජාතික පක්‍ෂය හැර ගිය ප‍්‍රාදේශිය සභාමන්ත‍්‍රීවරුන් 18 දෙනකු ද මේ අතර සිටින බව එම පිරිස සමඟ මාධ්‍ය හමුවකට එක්වූ වයඹ පළාත් සභාවේ විපක්ෂ නායක ජේ.සී. අලවතුවල ප්‍රකාශ කළේය.

ඔවුන් කුරුණෑගල දිස්ත්‍රික්කයේ පාරම්පරිකව ශ්‍රී ලංකා නිදහස් පක්ෂයට කැපවී වැඩ කළ පිරිසක් බවයි ඔහු සඳහන් කළේ.