ඔබේ දුරකථනයේ හෝ පරිගණකයේ මෙය වාදනය කිරීමට අදාළ මෘදුකාංග නැත

නව ආණ්ඩුකාරයා ගැන විශ්වාසයි - සම්බන්ධන්

උතුරු පළාත් ආණ්ඩුකාරයා ලෙස එච්.එම්.ජී.එස් පලිහක්කාර පත් කිරීම ගැන දෙමළ ජාතික සන්ධානය සතුට පල කරයි.

විදේශ අමාත්‍යංශයේ ලේකම්වරයා වශයෙන්ද මීට පෙර කටයුතු කර ඇති එච්.එම්.ජී.එස් පලිහක්කාර දෙස් විදෙස්හි සේවය කරමින් ශ්‍රී ලාංකිකයන්ගේ ගෞරවය දිනා ගත් නිලධාරියකු නිසා තමන්ට විශ්වාසය තබා කටයුතු කල හැකි බවයි දෙමළ ජාතික සන්ධානයේ නායක ආර්. සම්බන්ධන් ප්‍රකාශ කළේ.

ජනතා ඡන්දයෙන් තේරී පත්වූ උතුරු පළාත් සභාවට එහි කාර්යයන් ඉටු කිරීමේ වගකීම පැවරී ඇති බව කලින් සිටි ආණ්ඩුකාරයාට හෝ හිටපු රජයට අවබෝධ කර ගැනීමට නොහැකි වූ බවයි ඔහු කියා සිටියේ.

පලාත් සභාවට එහි සේවාවන් කරගෙන යාමට ඉඩ නොදුන්නා පමණක් නොව හිටපු ආණ්ඩුකාරයා හෝ හිටපු රජය ඒ සඳහා ඉඩ ලබා දීමට පවා අකමැති වූ බවත් දෙමළ ජාතික සන්ධානයේ නායක ආර්.සම්බන්ධන් ප්‍රකාශ කළේය.