ඔබේ දුරකථනයේ හෝ පරිගණකයේ මෙය වාදනය කිරීමට අදාළ මෘදුකාංග නැත

උමා ඔය ව්‍යාපෘතිය නවතා දමනු - ප්‍රදේශවාසීන්

උමා ඔය බහු කාර්ය ව්‍යාපෘතියට සම්බන්ධ සමාගමේ වැලිමඩ කොටසේ සේවය කරන සේවකයන් අද, බ්‍රහස්පතින්දා උද්ඝෝෂණයක නිරත වුනේ සිය වැටුප් කප්පාදු කිරීමට විරෝධය පල කරමින්.

මේ අතර මෙම ව්‍යාපෘතිය හේතුවෙන් විපතට පත් ප්‍රදේශවාසීන්ද අද, බ්‍රහස්පතින්දා ඌව පළාත් සභාව ඉදිරිපිටදී විරෝධතාවක නිරත වූහ.

මෙම ව්‍යාපෘතිය වහා නවතා දමන ලෙස ඔවුන් ඉල්ලා සිටියේ තම පානීය ජල සම්පත්, ගොවි බිම්, නිවාස මෙන්ම පරිසරය විනාශ වන බවට චෝදනා කරමින්.

උමා ඔය බහු කාර්ය ව්‍යාපෘතියෙන් සිදුවන පාරිසරික හානි පෙන්වා දෙමින් පරිසරවේදීයෝද ආරම්භයේ සිටම ඊට විශාල විරෝධයක් දක්වමින් සිටිති.

ප්‍රාදේශීය මාධ්‍යව්දී ලසන්ත ද සිල්වා ප්‍රකාශ කළේ මේ ව්‍යාපෘතිය හේතුවෙන් විපතට පත්වූ දහසකට වැඩි පිරිසක් අද පැවතී විරෝධතාවට එක්ව සිටි බවයි.