ඔබේ දුරකථනයේ හෝ පරිගණකයේ මෙය වාදනය කිරීමට අදාළ මෘදුකාංග නැත

චීන තානාපති නිලධාරියකුගෙන් ඇමතිවරයකුට තර්ජනයක්

කොළඹ චීන තානාපති කාර්යාලයේ නියෝජ්‍ය තානාපතිවරයා දුර කථන සංවාදයකදී තමන්ට තර්ජනාත්මක ලෙස කථා කළ බව අධිකරණ නියෝජ්‍ය අමාත්‍ය සහ කම්කරු සබඳතා අමාත්‍ය සුජීව සේනසිංහ ප්‍රකාශ කරයි.

තමා ‘නිවුස් ෆස්ට්’ රූපවාහිනී වැඩසටහනක දී කටුනායක අධිවේගී මාර්ගයට කර ඇති අධික වියදම් පිළිබඳව විවේචනාත්මක ලෙස අදහස් දැක්වීමෙන් පසු එම දුරකථන ඇමතුම ලැබුණු බවයි ඇමතිවරයා පැවසුවේ.

රටේ ක්‍රියාත්මක චීන ව්‍යාපෘති සම්බන්ධයෙන් එල්ල කරන විවේචන නවතා දමන ලෙස ඔහු ඉල්ලා සිටි බවයි ඇමතිවරයා කියා සිටියේ.

දිගින් දිගටම තර්ජනාත්මක ලෙස කථා කළ තානාපති නිලධාරියා සංවාදය අවසන් වීමෙන් පසු නැවත වතාවත් තමා අමතා ඒ ආකාරයෙන් කථා කිරීම ගැන සමාව ඉල්ලා සිටි බවයි ඇමතිවරයා පැවසුවේ.

Image caption කටුනායක අධි වේගී මාර්ගය හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ අතින් විවෘත කිරීමේ අවස්ථාව

ආවේගශීලීව කථා කිරීම ගැන කනගාටුව පල කරමින් ටෙක්ස්ට් පණිවිඩ හතරක් ද ඒවා තිබූ බව සුජීව සේනසිංහ අමාත්‍යවරයා සඳහන් කළේය.

මේ ගැන විමසීමක් කිරීමට චීන තානාපති කාර්යාලයේ නිලධාරියෙකු සම්බන්ධ කර ගත්තද ඔහු ප්‍රතිචාරයක් දැක්වීම ප්‍රතික්ෂේප කළේය.