ඔබේ දුරකථනයේ හෝ පරිගණකයේ මෙය වාදනය කිරීමට අදාළ මෘදුකාංග නැත

නව මැතිවරණ සංශෝධන කාන්තා සංවිධානවල කනස්සල්ලට

නව මැතිවරණ සංශෝධන යටතේ ප්‍රමාණවත් කාන්තා පාර්ලිමේන්තු නියෝජනයක් සහතික නොකර තිබීම සම්බන්ධයෙන් ශ්‍රී ලංකාවේ කාන්තා සංවිධාන කනස්සල්ල පල කර සිටියි.

1931 දී හිමිවූ සර්වජන ඡන්ද බලයෙන් කාන්තාවට ඡන්ද අයිතිය ලැබුනත් එදා සිට මේ දක්වා පාර්ලිමේන්තුවේ කාන්තා නියෝජනය සියයට 6 කර වඩා වැඩිවී නැති බවයි කාන්තා සහ මාධ්‍ය සාමුහිකයේ නිර්මාතෘ, කාන්තා අයිතිවාසිකම් පිළිබඳ ක්‍රියාධාරිනි කුමුදිනී සැමුවෙල් පවසන්නේ.

20 වන ව්‍යස්ථා සංශෝධනය සලකා බලන විට හැමෝටම යම්කිසි විදිහයින් හානියක් නොවන ලෙස සංශෝධනය කළ බව ප්‍රකාශ කළ නමුත් කාන්තාවන් ගත් කළ කාන්තාවන්ගේ අඩු නියෝජනය හෝ අවට නියෝජනය තක්සේරුවට ගෙන නැති බව ඇය කියා සිටින්නීය.

Image copyright EPA

පාර්ලිමේන්තුවේ 225 වන මන්ත්‍රී සංඛ්‍යාවෙන් කාන්තාවන් සිටින්නේ 13 දෙනකු පමණක් බවයි ඇය ප්‍රකාශ කළේ.

නව ක්‍රමය යටතේ මන්ත්‍රී ආසන සංඛ්‍යාව 255 ක් දක්වා වැඩි වන බවයි ඇය පවසන්නේ.

පළාත් පාලන සහ පළාත් සභා වල සියයට 25 ක කාන්තා නියෝජනයක් ගෙන එන බවට මෛත්‍රීපාල සිරිසේන ජනාධිපතිවරයා විසින් ප්‍රතිඥාවක් දී ඇති බව ඇය පෙන්වා දුන්නාය.

වර්තමානයේ පාර්ලිමේන්තුවේ කාන්තා නියෝජනය පවතින්නේ 4.8 % පමණ අවම ප්‍රමාණයක බව පවසන ක්‍රියාධාරිනි කුමුදිනී සැමුවෙල් එය දකුණු ආසියාවේ අඩුම මට්ටමක් බවයි පෙන්වා දෙන්නේ.