ඔබේ දුරකථනයේ හෝ පරිගණකයේ මෙය වාදනය කිරීමට අදාළ මෘදුකාංග නැත

සිරකරුවන් මත් ද්‍රව්‍ය විරෝධී පාගමනක

මත් පැන් හා මත් ද්‍රව්‍ය භාවිතය ඉහළ යාම මෑත කාලයේ ශ්‍රී ලංකාව මුහුණ දෙන විශාලතම උවදුර බව අධිකරණ අමාත්‍ය විජේදාස රාජපක්ෂ පවසයි.

ජාත්‍යන්තර මත් ද්‍රව්‍ය විරෝධී දිනය නිමිත්තෙන් මත් ද්‍රව්‍ය චෝදනාවලට වැරදිකරුවන් වූ නේවාසික සිරකරුවන්ගේ සහභාගිත්වයෙන් පැවැත්වූ මත් ද්‍රව්‍ය විරෝධි පා ගමනට එක්වෙමිනුයි ඔහු මෙම අදහස් පළ කළේ.

මේ පාගමන අරම්භවුනේ වැලිකඩ බන්ධනාගාරය අසලින් .

පසුගිය කාලය පුරා විවිධ අවස්ථාවල පැවැත්වුණු මත් ද්‍රව්‍ය විරෝධී පාගමන් වලින් මෙම පාගමන වෙනස් වුයේ මෙයට එක්ව සිටි පිරිස හේතුවෙන්.

මත් ද්‍රව්‍ය හේතුවෙන් සිරගතවූ මෙම සිරකරුවන් පාගමනට එක් වුයේ මත් ද්‍රවය නිසා ඇති වන ප්‍රතිවිපාක ගැන සමාජය දැනුවත් කිරීම සඳහායි.