ඔබේ දුරකථනයේ හෝ පරිගණකයේ මෙය වාදනය කිරීමට අදාළ මෘදුකාංග නැත

'ප්‍රභාකරන් එක්ක ගිවිසුම් ගැහුව්වේ මම නොවෙයි' - රනිල්

රාජපක්ෂ රෙජීමය කොටි සංවිධානයේ නායක ප්‍රභාකරන්ට මුදල් ලබා දී ඇති බව රාඩා පරීක්ෂණයෙන් පෙන්වා දෙන බව අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ ප්‍රකාශ කරයි.

අගමැතිවරයා එසේ පැවසුවේ රට බෙදන බවට ඔහුට නිතර චෝදනා එල්ල වන්නේ ඇයි දැයි ෆේස්බූක් ඔස්සේ ඇසු ප්‍රශ්නයකට පිළිතුරු දෙමින්.

“මම රට බෙදල නැහැ. මම නොවෙයි ගිහින් ප්‍රභාකරන් එක්ක ගිවිසුම් ගැහුව්වේ. රාඩා පරීක්ෂණයෙන් පෙන්වනවා රාජපක්ෂ රෙජීමය සල්ලි දුන්න කියල ප්‍රභාකරන්ට”

අග්‍රාමාත්‍යවරයා අරලියගහ මන්දිරයේ දී පැය භාගයකට ආසන්න කාලයක් බීබීසී සිංහල සේවය සමඟ පැවැත්වූ විශේෂ සාකච්ඡාවකට සහභාගි වෙමින් ෆේස්බූක් ග්‍රාහකයන්ගේ ප්‍රශ්නවලට පිළිතුරු දුන්නේය.