ranil_wickramasinha
ඔබේ දුරකථනයේ හෝ පරිගණකයේ මෙය වාදනය කිරීමට අදාළ මෘදුකාංග නැත

වඳුරෝ වගේ හැසිරෙන්න එපා-රනිල් ගෙන් මන්ත්‍රීවරුන්ට

එක්සත් ජනතා නිදහස් සන්ධානයේ මන්ත්‍රීවරුන් පිරිසක් කුමාර වෙල්ගම විපක්ෂ නායක තනතුරටත් මහින්දානන්ද අළුත්ගමගේ විපක්ෂයේ ප්‍රධාන සංවිධායක තනතුරට පත් කරන්නැයි ඉල්ලා සිටිමින් ජනාධිපතිවරයාට ලබාදුන් බව විමල් වීරවංශ කියා සිටී අවස්ථාවේදී කතානායක කරු ජයසුරිය කියා සිටියේ තමන්ට එවැනි ලිපියක් ලැබී නැති බවයි.

විපක්ෂ නායක තනතුර සම්බන්ධයෙන් කතානායකවරයා තීන්දුවක් දී ඇති බැවින් ලිපිය පිලිබඳ ගැටළුවක් ඇත්නම් ඒ ගැටළුව ඊයේ දවසේ පොලොන්නරුවේදී ජනාධිපතිවරයා හමුවූ අවස්ථාවේදී විසඳා ගත යුතු බව අගමැති රනිල් වික්‍රමසිංහ කියා සිටියේය.

පාර්ලිමේන්තු මන්ත්‍රීවරු පිරිසක් කෑ ගසන්නට පටන් ගත් අවස්ථාවේදී අගමැති රනිල් වික්‍රමසිංහ පැවසුවේ මේ පාර්ලිමේන්තුව මීට පෙර පැවති පාර්ලිමේන්තුව සේ පවත්වා ගෙන යා නොහැකි බවයි.

"වඳුරෝ වගේ හැසිරෙන්න එපා - අයිසේ වාඩිවෙනවා"යැයි අගමැති රනිල් වික්‍රමසිංහ සෝෂාකාරී ලෙස හැසිරෙමින් සිටි මන්ත්‍රීවරුන්ට පැවසීය.