ඔබේ දුරකථනයේ හෝ පරිගණකයේ මෙය වාදනය කිරීමට අදාළ මෘදුකාංග නැත

ජනතාවට පටි තද කර ගැනීමට සිදුවෙයි ද?

මැතිවරණ ඉලක්ක කර ගනිමින් ශුභසාධන දේශපාලනයේ දිගටම යෙදුනොත් ලංකාවේ ආර්ථිකය ගොඩ ගත නොහැකි බව විදේශ කටයුතු නියෝජ්‍ය අමාත්‍ය ආචාර්ය හර්ෂ ද සිල්වා පවසයි.

ඔහු මේ බව කියා සිටියේ අගමැතිවරයා හඳුන්වා දී තිබෙන මාධ්‍ය කාලීන ආර්ථික සැලැස්ම ක්‍රියාවට නැංවීම සඳහා විදේශීය ආර්ථික විශේෂඥයන්ගේ සහාය ලබා ගැනීමට ගත් තීරණය පිළිබඳව බීබීසීය කළ විමසීමකදී යි.

වාහන බලපත්‍රය

‘පැට්‍රොල්, ඩීසල් ටිකේ ඉඳල කිරි පිටි දක්වා අත්‍යවශ්‍ය භාණ්ඩවල මිල අඩු කළා. පඩිත් සෑහෙන්න වැඩි කළා. හැමදාම අපිට ඡන්දෙ ඡන්දෙ කියල මේ ශුභසාධන දේශපාලනයේ නියැලී හිටියොත් අපිට මේ ඉන්න තැනම තමයි ඉන්න වෙන්නේ.’ ඔහු පැවසීය.

Image copyright Thinkstock

නමුත් තීරුබදු රහිත වාහන බලපත්‍රය අහෝසි කිරීම ගැන පවා විරෝධය මතු වන තත්වයක් යටතේ ආර්ථික වර්ධනයක් වෙනුවෙන් තම ප්‍රතිලාභ නැති කර ගැනීමට ජනතාව සුදානම් දැයි ඔහු දුන්නේ මෙවැනි පිළිතුරකි. හඬ පටය අමුණා ඇත.

එංගලන්තෙ තැචර්

‘තැචර් අගමැති තුමිය හිටිය කාලෙ ඔය බීබීසී එක තියෙන එංගලන්තේ වෙච්ච විපර්යාස අමතක කරන්න එපා. ඒ හරහා අඩිතාලමක් දා ගත්තා බ්‍රිතාන්‍යයේ ආර්ථිකය ශක්තිමත් කර ගන්න. අද ඡන්ද දායකයා බුද්ධිමත්. බොරු කියල බේරෙන්න බැහැ.’ ආචාර්ය හර්ෂ ද සිල්වා පවසයි.

ශ්‍රී ලංකාවේ ආර්ථික සැලසුම් ක්‍රියාවට නැංවීම සඳහා විදේශීය විශේෂඥ දැනුම ලබා ගැනීම සඳහා ආණ්ඩුවට කිසිදු මුදලක් වැය නොවන බවද නියෝජ්‍ය ඇමතිවරයා අවධාරණය කළේය.

ඔවුන් සමඟ දේශීය විශේෂඥයන් පිරිසක් ද එම කටයුත්තේ නියැලෙන බව ඔහු පවසයි.