ඔබේ දුරකථනයේ හෝ පරිගණකයේ මෙය වාදනය කිරීමට අදාළ මෘදුකාංග නැත

වොෂිංටන් හිම පතනයෙන් උද්දාමයට පත් ''චැන් චැන්''

වාර්තාගත හිම කුණාටුවත් සමග වොෂිංටනය ඇතුළු ඇමරිකානු එක්සත් ජනපදයේ නැගෙනහිර දිග ප්‍රාන්තවල දැඩි හිම පතනයක් වාර්තා විය.

හිම පතනයෙන් උද්දාමයට පත් වූ වොෂිංටනයේ 'ස්මිත්සෝනියන්' ජාතික සත්වෝද්‍යානයේ වෙසෙන 'චැන් චැන්' නමැති යෝධ පැන්ඩා සුරතලාගේ වීඩියෝවක් අන්තර්ජාලයට එක් කොට තිබේ.

ඇතැම් ප්‍රදේශවලට මීටරයකට අධික හිම පතනයක් වාර්තා වී ඇත.

හිම පතනය හේතුවෙන් නැගෙනහිර ප්‍රාන්ත වාසීන්ගේ දෛනික කටයුතු අඩාල වී තිබේ.

මෝටර් රථ ධාවනය තහනම් කරමින් නිව්යෝක් නගරය තුළ පනවා තිබූ තහනම ඉවත් කළ බවයි බලධාරීන් පවසන්නේ.

දිවා කාලය තුළ පොදු ප්‍රවාහන සේවා කටයුතු නැවතත් ආරම්භ වනු ඇති බවට බලාපොරොත්තු පළ වේ.