ඔබේ දුරකථනයේ හෝ පරිගණකයේ මෙය වාදනය කිරීමට අදාළ මෘදුකාංග නැත

අලි දඩයමට එරෙහි සෙනේට් සභිකයාට අලි ප්‍රහාරයක්

අලි ඇතුන් දඩයම පිළිබඳ සොයා බැලීම සඳහා මොසැම්බික් රාජ්‍යයේ නිරීක්ෂණ චාරිකාවක යෙදී සිටි ඇමරිකානු සෙනේට් සභිකයකු රැගත් මෝටර් රථයකට පහර දීමට අලි රංචුවක් උත්සාහ ගත්හ.

කෝපයට පත් අලි රංචුව තමා ගමන් ගත් රථය හඹා එන ආකාරය දැක්වෙන වීඩියෝ දර්ශනය ඇරිසෝනා ප්‍රාන්ත සෙනට් සභික ජෙෆ් ෆ්ලෙක් සිය ට්විටර් පිටුවේ පළ කොට ඇත.

සෙනට් සභික ජෙෆ් ෆ්ලෙක් මොසැම්බික් රාජ්‍යයේ සංචාරයක යෙදුණේ වන සතුන් දඩයමෙන් සිදු වන බලපෑම් සහ වන සත්ව දඩයම තුරන් කිරීම සඳහා ගත හැකි ක්‍රියාමාර්ග සම්බන්ධයෙන් සොයා බැලීම සඳහායි.