ඔබේ දුරකථනයේ හෝ පරිගණකයේ මෙය වාදනය කිරීමට අදාළ මෘදුකාංග නැත

ජාඕ සොයා වසරක් පතා 'නෑගම් යන' පෙන්ගුවින්

තම ජීවිතය බේරා ගත් මිනිසකු බැලීමට අවුරුදු පතා පැමිණෙන පැතගෝනියානු පෙන්ගුවින් පක්ෂියකු පිළිබඳ බ්‍රසීලයෙන් වාර්තා වේ.

බ්‍රසීලයට අයත් දූපතක වෙසෙන ජාඕ පෙරෙයිරා ඩි සූසාට කුස ගින්නෙන් පෙළෙමින් තෙල්වලින් නැහැවී සිටි පෙන්ගුවින් පක්ෂියකු මුණ ගැසෙන්නේ 2011 වසරේදී.

එතැන් පටන් සැතපුම් දහස් ගණනක් පිහිනා තමා හමුවීමට පැමිණෙන 'ඩින්ඩිම්' නමැති පෙන්ගුවින් පක්ෂියා තම පවුලේ සාමාජිකයකු හා සමාන බවයි ජාඕ පෙරෙයිරා ඩි සූසා පවසන්නේ.

බ්‍රසීල වෙරළට සැතපුම් දෙදහසක් පමණ ඔබ්බෙන් දකුණු ඇමරිකානු මැජලනික් විශේෂයට අයත් පෙන්ගුවින් පක්ෂීන්ගේ නිජබිම පිහිටා ඇත.