ඔබේ දුරකථනයේ හෝ පරිගණකයේ මෙය වාදනය කිරීමට අදාළ මෘදුකාංග නැත

ගිරා ආගන්තුකයෙක් අනපේක්ෂිත මොහොතක

ප්‍රධාන මැදිරිය හා සජීවීව සම්බන්ධ වීමට මොහොතක් තිබියදී සිය බාහුව මත ගිරවකු වැසීම නිසා අනපේක්ෂිත අවස්ථාවකට මුහුණ දුන් මාධ්‍යවේදිනියක පිළිබඳව ඕස්ට්‍රේලියාවෙන් වාර්තා වේ.

'නයින් නෙට්වර්ක්' පුවත් සේවයේ මාධ්‍යවේදීනි බ්‍රිට්නි ක්ලෙයින් සිය බාහුවේ වැසූ ගිරවා ඉවත් කරන ලෙස සිය සගයන්ගෙන් ඉල්ලා සිටින ආකාරය වීඩියෝ දර්ශනවල දැක්වෙයි.

ක්වීන්ස්ලන්ඩ් ප්‍රාන්තයේ 'ගෝල්ඩ් කෝස්ට්'හි නිවසක ඇති දැඩි කොට ඇති 'ලෝලා' නම් එම ගිරවා අනතුරුව අයිතිකරුට අතට පත් කෙරිණ.