තරඟ පාවාදෙන්නන්ට 'ජීවිතාන්තය දක්වා තහනමක් අවශ්‍යයි'

පාකිස්තාන කණ්ඩායමේ මොහමඩ් අමීර් Image copyright Getty Images
Image caption තරඟයක කොටසක් පාවාදීමේ වරද වෙනුවෙන් පැනවුණු වසර පහක තහනමකින් අනතුරුව පාකිස්තාන කණ්ඩායමේ මොහමඩ් අමීර් යළි ක්‍රීඩාවට අවතීර්ණ වී සිටියි

තරඟ පාවාදීමේ චෝදනාවට වැරදිකරුවන් වූ ක්‍රිකට් ක්‍රීඩකයන්ට ජීවිතාන්තය දක්වා තරඟ තහනමක් පැනවිය යුතු බව එංගලන්ත කණ්ඩායමේ නායක ඇලිස්ටර් කුක් පවසයි.

එහෙත් තරඟයක කොටසක් පාවාදීමේ වරද වෙනුවෙන් පැනවුණු වසර පහක තහනමකින් අනතුරුව යළි ක්‍රීඩාවට අවතීර්ණ වී සිටින පාකිස්තාන කණ්ඩායමේ මොහමඩ් අමීර් සමඟ ක්‍රීඩා කිරීම පිළිබඳව තමන්ට 'කිසිදු ගැටලුවක් නැති' බවත් ඔහු පැවසීය.

2010 වසරේ ලෝඩ්ස් පිටියේ පැවැත්වුණු තරඟයක කොටසක් පාවාදීමේ චෝදනාවට වැරදිකරු වූ මොහමඩ් අමීර්ට මාස තුනක සිරදඬුවමක්ද පැනවිණ.

"අමීර් ඒකට දඬුවම් විඳලා තියෙන්නේ," ඇලිස්ටර් කුක් පැවසීය.

"තරඟයක් පාවාදීමට වැරදිකරු වුනොත් ඔහුට ජීවිතාන්තය දක්වා තහනමක් පනවන්න ඕන."

ශ්‍රී ලංකා කණ්ඩායමේ එංගලන්ත සංචාරයෙන් අනතුරුව පාකිස්තාන කණ්ඩායම එංගලන්තය සමඟ තරඟ වැදීමට නියමිතව තිබේ.

එංගලන්ත කණ්ඩායමේ ශ්‍රී ලංකාවට එරෙහි තුන් වෙනි ටෙස්ට් තරඟය බ්‍රහස්පතින්දා ලෝඩ්ස් පිටියේදී ආරම්භවීමට නියමිතයි.

පළමු ටෙස්ට් තරඟ දෙක පහසුවෙන් ජයග්‍රහණය කිරීමෙන් අනතුරුව, එම තරඟ දෙකට සහභාගි වූ කණ්ඩායමේ කිසිදු වෙනසක් නොකරන බව ඇලිස්ටර් කුක් සනාථ කළේය.