ලෝකයේ අද ශ්‍රේෂ්ඨතමයා: බෝල්ට්

  • 2016 අගෝස්තු 20
Usain Bolt Image copyright Getty Images

මිහිතලයේ වේගවත්ම ධාවකයා ලෙස සම්මාන ලබන ජැමෙයිකානු ධාවන සූර උසේන් බෝල්ට් ඔලිම්පික් ඉතිහාසයේ අපරාජිත වාර්තාවක් තැබීමෙන් ඉතිහාසයට එක් විය.

ඒ රියෝ ඔලිම්පික් තරඟාවලියේ මීටර 400 සහාය දිවීමේ තරඟයෙන් රන් පදක්කමක් හිමි කර ගනිමින් ඔලිම්පික් ඉතිහාසයේ ත්‍රිත්ව ත්‍රිත්වයක් දිනා ගැනීමත් සමගයි.

මීට පෙර රියෝහි පැවති මීටර 100 සහ මීටර 200 කේවල ඉසව්වලින් රන් පදක්කම් දිනා ගැනීමට උසේන් බෝල්ට් සමත් විය.

2008 වසරේ බීජිං ඔලිම්පික් උළෙලේ සහ 2012 වසරේ ලන්ඩන් ඔලිම්පික් උළෙලේදී මීටර 100, මීටර 200 සහ මීටර 100 සහාය දිවීම යන ඉසව්වලින් රන් පදක්කම් ත්‍රිත්වය බැගින් දිනා ගැනීමට බෝල්ට් සමත් විය.

ඒ අනුව මේ දක්වා බෝල්ට් විසින් දිනා ගනු ලැබූ මුළු ඔලිම්පික් රන් පදක්කම් සංඛ්‍යාව නවයකි.

'මම තමයි ශ්‍රේෂ්ඨතමයා' තරඟයෙන් පසු ඔහු පැවසීය.

රියෝ ඔලිම්පික් උළෙල තමා සහභාගී වන අවසන් ඔලිම්පික් උළෙල වනු ඇති බවත් විසි නව හැවිරිදි උසේන් බෝල්ට් කියා සිටියේය.

රන් පදක්කම් 38 ක් දිනා ගනිමින් පදක්කම් සටහනේ පෙරමුණේ සිටින්නේ ඇමරිකාවයි.

මහා බ්‍රිතාන්‍ය රන් පදක්කම් 24 ක් දිනා ගනිමින් දෙවන ස්ථානයේ පසු වන අතර රන් පදක්කම් 22 ක් දිනා ගනිමින් චීනය පදක්කම් සටහනේ තෙවන ස්ථානයේ පසු වේ.

මේ පුවතට සම්බන්ධ තවත් විස්තර

බීබීසී යෙන්