ගිලුණු වාලම්පූරි යාත්‍රාවේ සුන්බුන් හමුවේ

  • 2016 ඔක්තෝබර් 4
Image copyright Navy.lk

මීට වසර 18 කට ඉහතදී එල්ටීටීඊයේ මරාගෙන මැරෙන ප්‍රහාරයකින් පේදුරුතුඩුව අසල මුහුදේ ගිලුණු 'වාලම්පූරි' නාවික හමුදා යාත්‍රාවේ සුන්බුන් හමු වූ බව ශ්‍රී ලංකා නාවික හමුදාව පවසයි.

1998 වර්ෂයේ පෙබරවාරි මස 23 වන දින එම ප්‍රහාරය එල්ල වන විට වාලම්පූරි මගී ප්‍රවාහන නෞකාව යාපනයේ සිට ත්‍රිකුණාමලය දක්වා යාත්‍රා කරමින් තිබිණ.

ප්‍රහාරයෙන් යාත්‍රාවේ ගමන් කළ නාවික හමුදා භටයන් 20 දෙනාම ජීවිතක්ෂයට පත්වූහ.

Image copyright NAvy.lk

කිමිදුම්කරුවකුගෙන් ලද තොරතුරක් මත පේදුරුතුඩුවට නාවික සැතපුම් අටක් පමණ දුරින් පිහිටි ප්‍රදේශයකදී නාවික හමුදා කිමිදුම්කරුවන් යාත්‍රාවේ සුන්බුන් සොයාගත් බවයි, නාවික හමුදාවේ නිල වෙබ් අඩවිය සඳහන් කරන්නේ.

යාත්‍රාවේ කැඩී බිදී ගිය කොටස්වලින් විශාල ප්‍රමාණයක් වැල්ලෙන් යටවී පවතින අතර, "එහි කොටස් මුහුදු ජීවීන්ට උචිත වන සේ හැඩගැසී ඇති අතර, එය ජෛව විවිධත්වය අතින් ඉහල සරු අභිජනන ප්‍රදේශයක් බවට පරිවර්ථනය වී ඇති," බවත් එහි වැඩිදුරටත් සඳහන්.

Image copyright NAvy.lk