චන්දිමාල්, තිරිමාන්න සිම්බාබ්වේ සංචාරයට නෑ

  • 2016 ඔක්තෝබර් 22
Image copyright AFP
Image caption ඇඟිල්ලක ආබාධයක් සුව නොවීම හේතුවෙන් ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමේ උප නායක දිනේෂ් චන්දිමාල්

ඇඟිල්ලක ආබාධයක් සුව නොවීම හේතුවෙන් ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමේ උප නායක දිනේෂ් චන්දිමාල් එළැඹෙන සිම්බාබ්වේ සංචාරය සඳහා තෝරා නොගත් බව ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය පවසයි.

පසුගිය සැප්තැම්බර් 19 වැනි දින පැවති දේශීය තරඟයකදී හටගත් ඇඟිල්ලේ ආබාධයක් වෙනුවෙන් කරන ලද සැත්කමෙන් අනතුරුව ඔහු තවමත් සුවය ලබා නැති බවයි, ක්‍රිකට් ආයතනය නිකුත් කළ නිවේදනයක දැක්වෙන්නේ.

කණ්ඩායමේ තවත් ජ්‍යෙෂ්ඨ ක්‍රීඩකයකු වන ලහිරු තිරිමාන්නද සංචාරය සඳහා තෝරාගෙන නැත.

Image copyright Reuters
Image caption මෑත මාස කිහිපය ඇතුලත පැවති තරඟවලදී සුපුරුදු දක්ෂතා අතරට ඒමට අපොහොසත්වීම ලහිරු තිරිමාන්න තෝරා නොගැනීමට හේතුව වශයෙන් සැලකේ

මෑත මාස කිහිපය ඇතුලත පැවති තරඟවලදී සුපුරුදු දක්ෂතා අතරට ඒමට අපොහොසත්වීම ඔහු තෝරා නොගැනීමට හේතුව වශයෙන් සැලකේ.

සිම්බාබ්වේ සංචාරයට තෝරාගෙන තිබෙන ශ්‍රී ලංකා කණ්ඩායම: ඇන්ජලෝ මැතිව්ස් (නායක), කුසල් ජනිත් පෙරේරා, කුසල් මෙන්ඩිස්, කෞෂල් සිල්වා, දිමිත් කරුණාරත්න, ධනංජය ද සිල්වා, නිරෝෂන් දික්වැල්ල, රංගන හේරත්, දිල්රුවන් පෙරේරා, ලක්ෂාන් සඳකැන්, කසුන් මධුශංක, ලහිරු කුමාර, ලහිරු ගමගේ, සුරංග ලක්මාල් සහ අසේල ගුණරත්න.